Colombo Today Local News

ඊයේ රාත්‍රියේ කලවානේ 18ක ගෙන් ගත් සියලු පී.සී.ආර් සාම්පල පොසිටිව්.. සතිපොළ වසාදමයි

කලවාන කොඩිප්පිලිකන්ද ප්‍රදේශයේ පුද්ගලයන් 18 දෙනෙකුගෙන් ලබාගත් පී.සී.ආර් සාම්පල පොසිටිව් බව සනාතවීම හේතුවෙන් අද (02)දින පැවැත්වීමට නියමිතව තිබූ කලවාන සතිපොල සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා වසා දැමිමට පියවර ගත්බව කලවාන ප්‍රාදේශීය සභාව පවසයී.

ඊයේ රාත්‍රි එම පුද්ගලයන් 18 දෙනාගේ පී.සී.ආර් සාම්පල ලැබී ඇති අතර ඔහුන්ට කොරොනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලය පැවසීය.මෙම ආසාදිතයින් කොරොනා ආසාදනය වූ කොඩිප්පිලිකන්ද ප්‍රදේශයේ පොලිස් නිලධාරිවරයාගේ ආශ්‍රිතයන් බව කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලය පැවසීය.මේ වනවිට කලවාන ප්‍රදේශයෙන් කොරොනා ආසාදනය වී ඇති පුද්ගලයන් 24 දෙනෙකු වාර්තා වන බවද කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි පවසයි.

Related posts

දුම්රිය එන්ජින් 20ක් ධාවනයෙන් ඉවතට

colombotoday

එජාපය එකට එක කරයි.. විශ්වාසභංගයට පෙර, විධායක ජනපති ධුරය අහෝසි කරන යෝජනාව පාර්ලිමේන්තුවට

colombotoday

පාර්ලිමේන්තු නිලධාරීන් ඉවත් කිරීමේ ආණ්ඩුවේ උත්සහයක්?

Admin

උමා ඔය ජල කාන්දුව මුළුමනින්ම නවතයි

colombotoday

මහ බැංකු බැඳුම්කර මහමොළකරු රනිල්

colombotoday

බස් රථයක් පරාක්‍රම සමුද්‍රයේ ඇළකට පෙරළී 30කට තුවාල

colombotoday