Colombo Today Local NewsHot NewsNew Constitution

අළුත් ව්‍යවස්ථාවෙන් සමලිංගිකත්වය නීතිගත කිරීමට නිර්දේශ කෙරේ !

new const26

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සදහා මහජන අදහස් විමසීමේ කමිටුවේ නිර්දේශ වාර්තාව මේවන විට රජයට ඉදිරිපත් කර ඇති අතර එහි දැක්වෙන නිර්දේශ තරම් මෙරට සෛවරීත්වයට, ඒකීයත්වයට, ජාතික අනන්‍යතාවයට, සදාචාරයට, හානිවන දේශද්‍රෝහී, ජාතිද්‍රෝහී නිර්දේශ ඉතිහාසයේ කිසිම දිනක ඉදිරිපත්ව නැති තරම්ය. රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සදහා ඉදිරිපත්වන මහජනතාවගේ අදහස් මුවාවෙන් ඒතුළට රිංගවා ඇත්තේ එම කමිටුවට අරක්ගත් රාජ්‍ය නොවන සංවිධානවල කොන්ත්‍රාක්කරුවන්ගේ අදහස් බව තේරුම් ගැනීමට නිර්දේශ යෝජනාවලිය මතුපිටින් කියවා බැලීමම ප්‍රමාණවත්ය.

බුදු දහමට ඇති ප්‍රමුඛස්ථානය ඉවත් කිරීම, සිංහල ජාතික අනන්‍යතාවය අහිමි කිරීම, උතුරු නැගෙනහිර පළාත් එකතු කර ෆෙඩරල් ව්‍යුහයක් සහිත බලය බෙදීමේ ක්‍රියාවලිය, ඇතුළු රටේ ඒකීයභාවයට බරපතල ලෙස හානිකර බෙදුම්වාදී නිර්දේශවලට අමතරව වසර දහස් ගණනක් මෙරට ගොඩනගාගත් සාරධර්ම, හර පද්ධතිය මුළින් උපුටා දමමින්, සමාජ සම්මතය විසින් පවා පිළිකුලෙන් බැහැර කරන සමලිංගිකත්වය/විශම ලිංගිකත්වය/ද්වී ලිංගිකත්වය ඇතුළු පිළිකුල් සහගත අම්මත දුරාචාරයන් ව්‍යවස්ථාවෙන් නීතිගත කිරීමට නිර්දේශ කර ඇත.

සමලිංගිකත්වය පිළිගෙන ඔවුන්ට නීතිමය රැකවරණය ලැබෙන පරිදි සමස්ථ ව්‍යස්ථා නිර්දේශාවලියම අවරණය කර ඇති අතර සමලිංගික/බහු ලිංගික/ද්වී ලිංගික ප්‍රජාව ආරක්ෂා කිරීම, අයිතිවාසිකම් ලබා දීම රාජ්‍යයේ වගකීමකැයි අර්ථ දක්වා ඇත. මොවුන් නිර්දේශාවලිය පුරා මෙය හදුන්වා ඇත්තේ “ලිංගික නැඹුරුව හා ලිංගික අනන්‍යතාව” යනුවෙනි “ලිංගික නැඹුරුව හා ලිංගික අනන්‍යතාවය – Sexual Orientation” යනු, ස්ත්‍රීන් දෙදෙනෙකු අතර/ පුරුෂයන් දෙදෙනෙකු අතර (සමලිංගික – homosexual) එක ස්ත්‍රියක් සහ පුරුෂයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් අතර/ එක් පුරුෂයෙකු සහ ස්ත්‍රීන් දෙදෙනෙකු හා ඊට වැඩි පිරිසක් අතර (ද්වී ලිංගික – bisexual) සිදුවන ආදර හෝ ලිංගික සබදතා සහ බහු ස්ත්‍රී පුරුෂ ලිංගික සේවනය (විශම ලිංගිකත්වය/පාර ලිංගිකත්වය – heterosexual) ය. මේ විෂම දූරාචාර ව්‍යවස්ථාවෙන් පිළිගැනීමට සහ නීතිගත කිරීමට නිර්දේශ කර ඇත.

නව ව්‍යවස්ථා නිර්දේශයේ 90 වැනි පිටුවේ 5 වැනි උප වගන්තිය අනුව “ලිංගික අනන්‍යතාව සහ ලිංගික නැඹුරුව වැනි දෑ නොසලකා විවාහ වීමට සහ පවුලක් සෑදීමට ඇති අයිතිය” පිළිගෙන ඇත. සමලිංගික ව්‍යාභිචාරය බැහර කරන සියළු රටවල නීතියෙන් සහ සදාචාරයෙන් විවාහය ලෙස පිළිගන්නේ එක් ගැහැණියක් සහ එක මිනිසෙක් අතර නීත්‍යානුකූලව සිදුවන බැදීමයි. මෙම ව්‍යවස්ථා නිර්දේශ තුළින් එම සදාචාර සම්මත පිළිගැනීම පවා අප්‍රසන්න ලෙස වෙනස්කර ඇත. ද්වී ලිංගිකත්වය හා පාරලිංගිකත්වය පිළිගැනීම හරහා එළිපිටම පර ස්ත්‍රී/පර පුරුෂ සේවනයේ යෙදීමට නීත්‍යානුකූල ආවරණය සැපයීමට නිර්දේශ කර ඇත. මේ අවලං නීති අපට සභ්‍යත්වය උගන්වන්නට තතනන රටවලවත් ක්‍රියාත්මක නොවන ඒවාය.

sl2626v

නව ව්‍යවස්ථා නිර්දේශ  – 104 පිටුව 28 වැනි වගන්තිය
p023

සමලිංගික/විකෘති ලිංගිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා කර ඇති නිර්දේශp0298855658sss

“අධ්‍යාපනයට ඇති අයිතිය. මෙම ප්‍රජාවේ සිසුන්ට ශික්ෂකයන් හා සමානයන්ගේ තර්ජනවලට මුහුණ පෑමට සිදුවේ” මෙම ප්‍රජාවේ සිසුන්ට – එනම් පාසල්තුළ ද සමලිංගිකයන් ව්‍යාප්තව සිටින බව සහ ඉදිරියේදී ව්‍යාප්ත වන බැවින් යන අර්ථයෙන් මෙම වගන්තිය ඇතුළත් කර ඇත.

බටහිර තානාපති කාර්යාලවලින් දෝර ගලන කෝටි ගණනක අරමුදල්වලින් මේ විශම සංස්කෘතිය ප්‍රවර්ධනය කරන ගමනේ අවසාන ඉලක්කය මෙයයි. මේ අනාගත පරපුරම ගොදුරුකරගෙන ස්වභාවධර්මය කනපිට හරවා ජාතිය බෙලහීන කිරීමට ඇටවූ කෙමනක් බව වටහාගැනීමට ඔබට හැකිවනු ඇත.

“සම්බන්ධය පුද්ගලික හා එකග වූ වැඩිහිටියන් අතර වුවත්, අස්වාභාවික මෛථුන නීති පැවතීම නිසා පෞද්ගලිකත්වයට ඇති අයිතිය අහිමි කිරීම” එකගත්වය මත බාලවයස්කරුවන් වැඩිහිටියන් අතර වුවත් සමාජ සම්මතයට පටහැනි විශම ලිංගික ක්‍රියාකාරකම් නීත්‍යානුකූල කිරීමට ඉල්ලා ඇත.

රාජ්‍යයේ පදනම වූ උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙතරම් නිර්ලැජ්ජිත, වනචාරී යෝජනා නිර්දේශ කෙරුණේ කෙසේද?

ව්‍යවස්ථාවෙන්ම බුදු දහමට ලබා දී තිබූ ප්‍රමුඛස්ථානය සහ නීතිමය ආවරණය ඉවත් කිරීමට නිර්දේශ කරද්දී, සමලිංගිකයන්ගේ අයිතිවාසිකම් පිළිගැනීමට සහ නීතිමය ආවරණය ලබා දීමට නිර්දේශ කර ඇත. මොවුන්ගේ යටි අරමුණ කුමක්දැයි තෙරුම් ගැනීමට එයම ප්‍රමාණවත්ය.

2cc
බුද්ධාගමට ව්‍යවස්ථාවෙන් දී ඇති ප්‍රමුඛස්ථානය ඉවත් කර නීතිමය අවාරණය අහිමි කිරීමට සහ සියළු ආගම් සමතැන් ගැන්වීමට කර ඇති නිර්දේශ

සම්පූර්ණ වාර්තාව මෙතැනින්

සමලිංගික සේවනය/බහුලිංගික සේවනය සමාජ සම්මතය විසින්ද පිළිකුළ කරන අසම්මත දුරාචාරයක් ලෙස සැළකෙන අතර එය ශ්‍රී ලාංකීය සංස්කෘතිය සහ අගයන්ටද ඉදුරාම පටහැණි ව්‍යභිචාරයකි. සමලිංගික ක්‍රියාවල් සහ ප්‍රවර්ධනය නීති විරෝධි ක්‍රියාවන් ලෙස ලංකා නීති පොතේ ඇත. එහෙත් ලංකාවේ සමලිංගික ප්‍රවර්ධන කල්ලිය ප්‍රසිද්ධියේ නීති කඩමින් නීතිය වෙනස් කිරීමට ආණ්ඩුව එකග කරගෙන ඇත.

ලංකව තුළ සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීම සදහා ප්‍රමුඛවම ක්‍රියාත්මකව සිටින්නේ Equal Ground නම් රාජ්‍ය නොවන සංවිධානය වන අතර එහි ප්‍රමුඛ පෙළේ ක්‍රියාකාරීන් බහුතරයක් එක්සත් ජාතික පක්ෂයේ තරුණ සංවිධානයේ නියමුවෝ වෙති. විදේශ ඇමතිවරයාද මෙම කල්ලිය පිටුපස ක්‍රියාත්මකවන බව ප්‍රසිද්ධ රහසකි. ඇමරිකානු, නොර්වීජියානු, ස්වීස් තානාපති කාර්යාල හරහා පොම්ප කෙරෙන කෝටි ගණනක ධනයෙන් සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීම සදහා පසුගිය සමයේ රහසිගතව ක්‍රියාත්මක වූ මෙම කල්ලිය මේවන විට රාජ්‍ය බලයෙන්ද සන්නද්ධව කොතරම් ක්‍රියාකාරීව සිටීද යන්න සමලිංගිකත්ව අයිතීන් ව්‍යවස්ථා නිර්දේශයට රිංගාගැනීම තුළින්ම පැහැදිළි වේ.

ජාතිකත්වයේ පිටකොදු කඩා, ලංකා රාජ්‍යය ව්‍යුහාත්මකව දුර්වල කර, රට දෙකඩ කර  ථෙරවාදී බුදු දහමත්, දහම මත පදනම් වූ අදීන සංස්කෘතියත් මේ භූමියෙන් අතුගා දැමීම සදහා සියවස් ගණනාවක් තිස්සේ බටහිර අධිරාජ්‍යවාදීනුත්, අඩ සියවසක් තිස්සේ උන්ගේ අනුගාමික නිවට රැළත් දියත් කළ දීර්ගකාලීන මෙහෙයුම අවසාන අදියර පෙනෙන මානයට ලංවී අවසානය. සතුරා අවසාන ඉලක්කය ගනිමින් සිටී. අවදීවීමෙන් පමණක් නොනැවතී වහ වහා ක්‍රියාත්මක වන්නැයි අපි ඔබට ආයාචනය කර සිටිමු.

දීප්ත

 

 

 

 

Related posts

ලාදුරු රෝගීන් හඳුනා ගන්න නිවාස මට්ටමින් පුද්ගලයින් පරීක්ෂා කරයි

Admin

අපට අවශ්‍ය ණය නොවේ.. ආයෝජනයි.. ජනපති චීන තානාපති හමුවේ කියයි

colombotoday

පාඩුයි කියා ලොතරැයි මණඩල දෙකත් විකුණන්න යයි !

colombotoday

රාජ්‍ය සේවක වැටුප් විෂමතා ගැන කැබිනට් තීරණය

colombotoday

ඉස්ලාම් ත්‍රස්ත බිය ලංකාවටත් දැනෙයි.. කටුනායක ගුවන්තොටේ ආරක්ෂාව තර කරයි

colombotoday

ප්‍රභාකරන් වීරයෙකු යැයි කියන විජයකලාට තරුණ මන්ත්‍රීවරයෙකුගෙන් රිදෙන්න පිළිතුරු

colombotoday