පොල්ගහවෙල පොලිස් බල ප්රදේශයේ ගම්මාන කීපයක් අද (18)දින සවස සිට හුදකලා කර සංචාරණ සීමා පැනවීමට පොල්ගහවෙල පොලීසිය කටයුතු කෙරිණි.
ඒ අනුව පොල්ගහවෙල මඩලගම, බන්දාව, අළුත්ගම යන ගම්මාන මෙසේ හුදෙකලා කර ඇත.
ප්රදේශයේ සියලු වෙළඳසැල් වසා දැමීමට ද පොලිසිය කටයුතු කර තිබේ.
ඉකුත් 16 වැනිදා පොල්ගහවෙල බන්දාව අළුත්ගම ප්රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවක් හදිසියේ රෝගාතුරව ප්රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පසු ඊයේ( 17)දින මිය යාමෙන් පසු කළ පී.සී.ආර් පරීක්ෂණයේදී ඇය කොරෝනා ආසාදිතයකු බව වාර්තා වී තිබිණි.