කැපුන්ගොඩ – නැංඟුරම් තොටුපළ අසළ දිය නාමින් සිටි තරුණයින් සිව්දෙනෙක්ගෙන් එක් අයෙක් දියේ ගිලී අතුරුදන් වී තිබේ.
පොලිස් මාධ්‍ය අංශය පැවසුවේ දියේ ගිලීම නිසා තවත් අයෙක් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවය.
මෙසේ දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 18ක් වු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
දුන්ගල්පිටිය පොලිසිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් එක්ව දියේ ගිලී අතුරුදන් වු තරුණයා සෙවීමේ කටයුතු සිදුකරන බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.