World

එක් ආසාදිතයෙක් හමුවී නවසීලන්තයම ලොක්ඩවුන්

ඕක්ලන්ඩ් නුවරින්, එක් ‘කොවිඩ් 19’ ආසාදිතයකු හමුවීමත් සමඟ මුළු නවසීලන්තයම ලොක්ඩවුන් කිරීමට සෞඛ්‍ය උපදෙස් අනුව, එරට අග්‍රාමාත්‍යවරිය ජැසෙන්ඩා එර්ඩර්න් තීරණය කළාය.

ජනතාවගේ ජීවිතආරක්ෂා කර ගැනීමටත්, වෛරස ආසාදිතයන් හඳුනා ගනිමින් ව්‍යාප්තිය පාලනය කිරීමේත් අරමුණින් මෙම තීරණය ගත් බව අග්‍රාමාත්‍යවරිය මාධ්‍ය හමුවකදී පවසා තිබේ.

නවසීලන්තය මුළුමනින්ම දින 3 ක් ලොක්ඩවුන් වුවත්, ආසාදිතයන් හමුවුණු ඕක්ලන්ඩ් නුවර සහ එය අයත් කොරෝමැන්ඩෙල් අර්ධද්වීපය දින 3 ක් නොව දින 7 ක් තෙක් ලොක්ඩවුන් කිරීහට පියවර ගෙන තිබේ.

නව ආසාදිතයන් ලෙස හමුවූයේ ඩෙල්ටා විකෘතිය ආසාදිතයකු ද යන්න තවමත් තහවුරු වී නොමැති බව ද සෞඛ්‍ය අංශ උපුටා දක්වමින් අගමැතිනිය පවසා ඇත.

Related posts

ටෙටෝවෝ නගරයේ කොවිඩ් රෝහලක ගින්නක්

colombotoday

හමාස් නායකයාගේ නිවසට ප්‍රහාර

Admin

ෆිදෙල් කස්ත්‍රෝගේ පුතා සිය දිවි නසා ගනී..

colombotoday

ඊශ්‍රායල සිවිල් වැසියන්ටත් ගිනි අවි ලබා දෙයි

Admin

අධිකරණයට පෙනී සිටීමෙන් නිදහස් කරන්න කියූ ඉම්රාන් ඛාන් අමුතු ඇඳුමකින් අධිකරණයට එයි

Admin

ඇතින්නක් සිටගෙන සිටි ඉරියව්වෙන් ම මරණයට පත් වූ පුවතක් කේරළයෙන්

colombotoday