Colombo Today Local News

කළුතාවලෙයි ළමා නිවාසයක දරුවන් 23කට කොරෝනා

මඩකලපුව, කලවන්චිකුඩි පොලිස් වසමේ කළුතාවලෙයි ප්‍රදේශයේ ළමා නිවාසයක ළමුන් 23කට කොරෝනා ආසදනය වී තිබේ.

ළමා නිවාසයේ ළමුන් 33 දෙනෙකුට සිදුකර තිබූ ඇන්ටිජන් පරීක්ෂණවලින් ඒ බව තහවුරු වූ බව මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්. මයුරන් මහතා පැවසීය.

ඒ අනුව පවතින අවදානම සලකා ළමා නිවාසය තාවකාලිකව වසා දමා පිරිස නිරෝධායනයට යොමුකර තිබේ.

ළමා නිවාසයේ දරුවන් පිරිසකට උණ පැවතීම හේතුවෙන් කලවන්චිකුඩි රෝහලේදී සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිත බවට ප්‍රථමයෙන් හඳුනාගෙන තිබේ.

ඊට අමතරව ළමා නිවාසයේ එක් සේවකයෙකුටද කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන ඇත.

Related posts

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකගෙන් නිවේදනයක්

colombotoday

නොවැ.14 පාර්ලිමේන්තුව පිරිසිදු කරනවා

Admin

උද්ඝෝෂණ සහ පෙළපාළි සංවිධාන කළ සජබ සංවිධායකවරුන්ට වැඩ වරදී?

colombotoday

ඉන්ධන ගැටළුට කෝප් කමිටුවෙන් නිර්දේශ මාලාවක්

colombotoday

කොටි සංවිධානයත්, එහි නායකයාත් විනාශ කළේ දෙමළ සන්ධානයේ නායකයන් !!

colombotoday

විදුලි සැර වැදී තිදරු පියෙක් ජීවිතක්ෂයට

Admin