Colombo Today Local News

කළුතාවලෙයි ළමා නිවාසයක දරුවන් 23කට කොරෝනා

මඩකලපුව, කලවන්චිකුඩි පොලිස් වසමේ කළුතාවලෙයි ප්‍රදේශයේ ළමා නිවාසයක ළමුන් 23කට කොරෝනා ආසදනය වී තිබේ.

ළමා නිවාසයේ ළමුන් 33 දෙනෙකුට සිදුකර තිබූ ඇන්ටිජන් පරීක්ෂණවලින් ඒ බව තහවුරු වූ බව මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්. මයුරන් මහතා පැවසීය.

ඒ අනුව පවතින අවදානම සලකා ළමා නිවාසය තාවකාලිකව වසා දමා පිරිස නිරෝධායනයට යොමුකර තිබේ.

ළමා නිවාසයේ දරුවන් පිරිසකට උණ පැවතීම හේතුවෙන් කලවන්චිකුඩි රෝහලේදී සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිත බවට ප්‍රථමයෙන් හඳුනාගෙන තිබේ.

ඊට අමතරව ළමා නිවාසයේ එක් සේවකයෙකුටද කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන ඇත.

Related posts

ශ්‍රී ලංකාවේ මගී ගුවන්යානා ඇතුළු වීම රටවල් කිහිපයක් අත්හිටුවයි

colombotoday

කන්කසන්තුරේ වරාය ඉන්දියාවට? නවදිල්ලියේදී ගිවිසුමක් අත්සන් කෙරේ !

colombotoday

අනුරාධපුරේ වදුරෙකුට එරෙහිව එංගලන්ත හෙදියකගෙන් පොලීසියට පැමිණිල්ලක්

colombotoday

ශ්‍රීලංකන් ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් බිලියනයක වන්දි ඉල්ලයි

colombotoday

ජනපති පොරොන්දුව ඉෂ්ඨ කරයි. – මිය ගිය හා ආබාධිත රණවිරුවන්ගේ යැපෙන්නන්ට හිමි සහන අප්‍රේල් මස සිටම.

colombotoday

සැරයන්වරයකු හෙරොයින් සමඟ මාට්ටු

Admin