Colombo Today Local News

ගෑස් සිලින්ඩර් සගවන ව්‍යාපාරිකයින් ගැන වහාම පාරිභෝගික අධිකාරියට දැනුම් දෙන්න

ගෑස් සිලින්ඩර් සඟවා තබාගෙන සිටින ව්‍යාපාරික ස්ථාන ති‌බේ නම් ඒ පිළිබදව පාරිභෝගික අධිකාරියට දැනුම් ලෙසට මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඒ සදහා පාරිභෝගික අධිකාරියේ 1977 හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස පාරිභෝගික අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා සදහන් කරයි.

ඉදිරියේදී ගෑස් මිල ඉහළ යනු ඇතැයි සිතා ගෑස් අලෙවිකරුවන් අලෙවි කිරීමට ඇති ගෑස් සිලින්ඩර සඟවා සිටින බවට තොරතුරු ලැබෙමින් පවතින බව පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

මාධ්‍යවේදී චතුර පමුණුවගේ “බොදු මග අවුරන අදමිටු බල” හෙට එළිදැක්වේ

colombotoday

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න – ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය

Admin

ප්‍රචන්ඩ රැල්ල නොනවතී.. “ආවා“ට අමතරව උතුරේ තවත් පාතාල කල්ලි 5ක් !

colombotoday

මුළු රටටම ඇඳිරිනීතිය යලි පැනවේ.

colombotoday

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ අරඹයි

colombotoday

ගම්පහ දැවැන්ත පිපිරීමක්

Admin