Colombo Today Local News

භාවිතයෙන් ඉවත්කළ රථ වාහන යුද හමුදාව ප්‍රතිනවීකරණය කරයි

යුද්ධ හමුදාවේ භාවිතය සඳහා විදෙස් රටවලින් වාහන ගෙන්වීමට වැය වන අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ඉතිරි කරගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාව දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්වූ රථවාහන ප්‍රතිනවීකරණය කිරීමේ වැඩසටහනක් ආරම්භ ආරම්භ කර තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් නවීකරණය කරන ලද රථවාහන කිහිපයක් යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පරීක්‍ෂා කළේය.

කසළ ප්‍රවාහනය කරන ට්‍රක් රථයක්, ජංගම භාණ්ඩ විකුණුම් ට්‍රක් රථයක්, ජිප් රථ හතරක් සහ ඩබල් කැබ් රථයක් එලෙස යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පරීක්‍ෂා කරන ලදී.

මෙහි විශේෂත්වය වන්නේ ජංගම භාණ්ඩ විකුණුම් ට්‍රක් රථය හැර අනෙකුත් සියලුම රථ යුද්ධ හමුදාව විසින් දිගුකාලීනව ප්‍රයෝජනයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත්කළ රථ වාහන වීමයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරල් මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් ලබාදුන් උපදෙස් අනුව මෙම සියලුම වාහන ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස්ගේ ශ්‍රමදායකත්වය සහ තාක්‍ෂණික දැනුම යොදාගනිමින් නවීන මාදිලියන්ට අනුව නවීකරණය කර තිබීම තවත් සුවිශේෂීත්වයකි.

එමෙන්ම, විදේශ විනිමය විශාල ලෙස ඉතිරි කරමින් ආයෝග්‍ය කරන ලද යතුරුපැදි, වෑන්, ලොරි, ට්‍රක් සහ බස් ඇතුළු බරවාහන රැසක් උඩවලව, අනුරාධපුර, කිලිනොච්චිය, යාපනය ඇතුළු දිවයිනපුරා ස්ථාපිත ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු වැඩපලවල් මගින් යුද්ධ හමුදාවේ ප්‍රයෝජනය සඳහා අලුත්වැඩියා කර ඇත.

මෙලෙස යුද්ධ හමුදාව දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්වූ රථවාහන ප්‍රතිනවීකරණය කිරීමේ වැඩසටහන වෙනුවෙන් දායකත්වය දැක්වූ සියලුම දෙනාට මෙහිදි යුද්ධ හමුදාධිපතිතුමන් සිය ස්තූතිය ප්‍රකාශ කළේය

Related posts

ජනපති පෙරේදා පත්කළ ආණ්ඩුකාරවරුන්ගේ පුටු නැවතත් මාරු කරයි…

colombotoday

මහේන්ද්‍රන් බැඳුම්කර රහස් හෙළි කළ පසු එජාප මන්ත‍්‍රීන් 109කගේ දේශපාලනය අවසන් -කෙහෙළිය කියයි

colombotoday

බදු පැනවීම ගැන සුබ ආරංචියක්

Admin

කොටි සැකකරුවන් ඇප මත නිදහස් කරන්න අගමැති තීරණය කළා – මනෝ ගනේෂන්

colombotoday

කතරගම සහ ලුණුගම්වෙහෙර ප්‍රදේශ ආශ්‍රිතව භූකම්පනයක්

Admin

නව ව්‍යවස්ථාව අවසන් අදියරේ… කෙටුම්පත ළගදීම පාර්ලිමේන්තුවට… තීරණාත්මක සාකච්ඡාවක් මේ සතියේ

colombotoday