මහරගම, පමුණුව පාරේ නිවසකදී කාන්තාවක ඝාතනය කර තිබේ.
පොලීසිය පැවසුවේ, පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ස්වාමි පුර්ෂයා විසින් බිරිඳට යකඩ පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවයි.
ඝාතනයට ලක් වූ කාන්තාවගේ වයස අවුරුදු 33 කි.
ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ස්වාමි පුරුෂයා අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලීසිය වැඩිදුරට විමර්ශන ආරම්භ කර තිබේ.