Colombo Today Local News

‘වෙළේ සුදා’ බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාම වළක්වමින් අභියාචනාධිකරණයෙන් නියෝගයක්

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගම්පොල විතානගේ සමන්ත කුමාර හෙවත් ‘වෙළේ සුදා’ නමැත්තා ලබන 24 වැනිදා දක්වා එම බන්ධනාගාරයෙන් පිටතට ගෙන යාමෙන් වළකින ලෙසට අභියාචනාධිකරණය අද (17)දින බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේ ය.

හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කොට අධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබ සිටින සිය පුතණුවන් ඝාතනය කිරීමේ සැලැස්මක් ඇති බැවින් ඔහු පොලිස් භාරයට පත්කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහුගේ මව ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කළේ ය.

පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුණ ඔබේසේකර හා රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන් හමුවේදී අද (17)දින කැඳවීය.

පෙත්සමේ සඳහන් කරුණු තහවුරු කිරීම සඳහා ලබන 24 වැනදා යළි කැඳවීමට තීරණය කළ විනිසුරු මඩුල්ල එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පෙත්සමේ වග උත්තරකරුවන්ට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසට පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළේ ය.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, බූස්ස බන්ධනාගාර අධිකාරිවරයා, පොලිස්පතිවරයා හා නීතිපතිවරයා එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

Related posts

උඩරට මැණිකේ පීලි පැනීමෙන් දුම්රිය ප්‍රමාදයක්

Admin

ප්‍රශ්නවලට උත්තර දෙන්න විෂයයට අදාළ ඇමතිවරු මැතිසබේ සිටීම අනිවාර්‍යයි

colombotoday

දේවානිගේ සටන මල්පල දරයි – කඩොලාන පරිසර පද්ධති පවතින ප්‍රදේශ 13 ක් රක්ෂිත ලෙස නම් කිරීමට පියවර..

colombotoday

‘ජනාධිපතිවරයා අගමැතිවරයා පොහොට්ටු ආණ්ඩුවේ ජන වරම අවසන්. අපි සුදානම් මාතෘ භූමිය රැක ගන්න.’

colombotoday

සජීවීව: බොදු බල සේනා මාධ්‍ය හමුව 2019/07/17

colombotoday

කරාටේ වසන්තට මරු කැන්දූ, මදාවි පුතෙක් ඉන්නා හිටපු මැර ඇමති කවුද?

colombotoday