උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ විවාහ මංගල්‍ය උත්සවයක් අතරතුර ළිඳකට ඇදවැටීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය අනාවරණය කළේ ඔවුන් සියලු දෙනා කාන්තාවන් සහ කුඩා ළමුන් බවයි.
ළිඳට යාබදව ඉදිකර තිබූ අනාරක්ෂිත ඉදිකිරීමක් කඩාවැටීමෙන් මෙම ඛේදවාචකය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කරයි.