Colombo Today Local News

‘හරිත ගුරුවරයා’ වෙබ් අඩවිය ජනපති අතින් විවෘත කෙරෙයි

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ 9 වන ජාතික සම්මේලනය ඊයේ (16) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විණි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ, ජාතික සම්මේලනයට සමගාමීව ‘හරිත ගුරුවරයා’ වෙබ් අඩවිය විවෘත කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු වූ බවයි.

මීට අමතරව සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ 9 වන ජාතික සම්මේලනය සහ වාර්ෂික නිලවරණය පැවති අතර සහ සංගමයේ හිටපු සභාපතිවරුන් සිව් දෙනෙකුට සහ එක් සාමාජිකයෙකුට සමරු තිළිණ පිරිනැමීම ද එහිදී සිදු කෙරිණ.

විශ්වවිද්‍යාල මහාචාර්යවරු, කථිකාචාර්යවරුන් , වෘත්තීයවේදීන්, රජයේ පාසල්වල ගුරුවරු ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන 3,500කට ආසන්න පිරිසක් මෙහි සාමාජිකත්වය දරන සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය (APLA) පිහිටුවා ඇත්තේ, 2004 වසරේදී ය.

Related posts

සිංහරාජ සීමාවට ඇතුළත් පෞද්ගලික ඉඩම් 300ක් ‍රජයට පවරා ගැනීමට පියවර

Admin

අදත් පැය දෙකක් රටම අඳුරේ

Admin

ඩෑන් ප්‍රියසාද් ඇප මත නිදහස්

colombotoday

විහාර දේවාලගම් පණත සංශෝධනයට අපෙනුත් උපදෙස් ගන්න – දේවාල භාරකරුවෝ

colombotoday

සහල් තොග සඟවා සිටින වෙළෙඳුන් සොයා අඛණ්ඩව වැටලීම්

colombotoday

නාමයෝජනා දී, ජනතාව අතරට ගිය ගෝඨාභය

colombotoday