Colombo Today Local News

සතියකින් ලොහාන් රත්වත්ත හිරේ නොදැම්මොත් පොලිස්පතිට නඩු

අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි රඳවා සිටින පිරිසකට මරණ තර්ජනය කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලට අදාලව දින හතක් ඇතුළත රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්ත අත්අඩංගුවට නොගන්නේ නම් නෛතික පියවර ගන්නා බව දන්වමින් නීතිඥ ප්‍රබෝධ රත්නායක මහතා පොලිස්පතිවරයාට එන්තරවාසි යවා ඇත.

නීතිඥ ප්‍රබෝධ රත්නායක මහතා එම එන්තරවාසිය යොමු කර ඇත්තේ පැමිණිලිකරුවන් වන නීතිඥ සේනක පෙරේරා සහ සුදේශ් නන්දිමාල් යන දෙදෙනාගේ උපදෙස් පරිදිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත මහතා 2021 සැප්තැම්බර් 12 වැනිදා බීමතින් අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි රඳවා සිටි කිහිප දෙනකුට ගිනි අවි පෙන්වා මරණ තර්ජන කිරීම, වෙනත් අපරාධ වැරදි කිරීම සහ එසේ කිරීමට තැත්කිරීම ගැන ඉහත පැමිණිලිකරුවන් දෙදෙනා 2021 සැප්තැම්බර් 16 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

පැමිණිල්ල සිදු කර මාස තුනකට ආසන්න කාලයක් ගතවී තිබුණ ද මේ දක්වා සැකකාර ලොහාන් රත්වත්ත මහතා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර නැති අතර සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් අපරාධ විමර්ශනයක් කිරීමට ද පොලිස්පතිවරයා අපහොසත්වී ඇති බව එන්තරවාසියේ සඳහන් වෙයි.

ලොහාන් රත්වත්ත මහතා සම්බන්ධයෙන් මීට පෙර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවද විමර්ශනයක් ආරම්භ කර තිබිණි.

Related posts

ජනපති අනුර වියට්නාමයට!

Admin

කල්මුණේ ළමා නිවාස පාලිකාවට වෘත්තීය සුදුසුකමක් නෑ

Admin

වංචනික ලේඛණ හදා, රටම රවටා හොර පාරෙන් ETCA අත්සන් කරලා…

colombotoday

සතොස ආනයනය කරන සහල් තොග අස්සේ සගවා කොකේන්-කුඩු තොග පිටින් ගෙන්වයි !

colombotoday

බුද්ධි අංශවල කනෙන් රිංගා ලංකාවෙන් ගිය තවත් ISIS ත්‍රස්තයෙක් සිරියා සටන් බිමේ!

colombotoday

ගෝඨාභය දින්නොත් අපේ ඉල්ලීම් කීයටවත්ම ලැබෙන්නෑ… සජිත් දිනවා අපට නියත බලයක් ලබාගමු – සම්බන්ධන්

colombotoday