Colombo Today Local News

උත්සව සමයේ අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පනවනවා – යුද හමුදාපති

ඉදිරියේ පැමිණෙන උත්සව සමයේ අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පැනවීමට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා පවසන්නේ පසුගිය නත්තල් උත්සව සමයෙන් පසු මෙරට කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය ඉහළයෑම මගින් එවැනි කලසීමාවන් තුළ ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසිපරිදි පිළිනොපදින බවට තහවුරු වූ බවය.

කොළඹදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව කියා සිටියේය.

“දෙසැම්බර් නත්තල් සහ ඉන් පසුව තිබිච්ච දීර්ඝ නිවාඩුවෙන් පස්සේ වැඩිම කොවිඩ් ආසාදිතයින් හමුවුණේ ජනවාරි පෙබරවාරි මාසවල. 2020ට පෙර, අපි පුරුදු වෙලා තියෙන විදිහට උත්සව සමරන්න ගියොත් යම්කිසි වෙනසක් ඇතිවෙන්නත් හැකියාවක් තිබෙනවා.”

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යුද හමුදාපතිවරයා පැවසුවේ නිරෝධායනය සඳහා පනවා ඇති මාර්ගෝපදේශයන්ගේද වෙනසක් ඉදිරි දින කිහිපය තුළ සිදුවනු ඇති බවය.

“බොහෝ දුරට නිරෝධායන ක්‍රමය සම්බන්ධයෙන් දින ගණන් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගේ නිරෝධායන කාලසීමාව වෙනසක් වෙන්න තිබෙනවා. එන්නත් 2කම ලබාගෙන දින 14කින් පස්සේ මෙරටට පැමිණෙන අයට නිරෝධායනයකින් තොරව PCR එකකින් පසුව යන ක්‍රමවේදයක් පිළිබඳව උපදෙස් ලබාදීමට නියමිතව තිබෙනවා.”

Related posts

චමල් රාජපක්ෂ ඉල්ලා අස්වේ. ආර් සම්බන්ධන් පත් කෙරේ

colombotoday

සියලුම පළාත් පාලන ආයතන සඳහා ඉදිකිරීම් සම්බන්ධව එකම බලපත්‍ර ආකෘතියක්

colombotoday

ගිනිඅවි තුනක් සහ ගංජා ගස් සමඟ අයෙක් අත්අඩංගුවට

Admin

පෙට්‍රල්වලින් භූමිතෙල් ගද වහනය වන බවට රට වටෙන් පැමිණිළි.. IOC බාල තෙල් තොගය හොරෙන්ම ගොඩබෑවාදැයි සැක

colombotoday

භාණ්ඩ කිහිපයක් ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක්

Admin

යාලට එන අයට ගිමන් නිවන තැනක්

Admin