Colombo Today Local News

සෞඛ්‍ය උපදෙස් නිවැරදිව අනුගමනය නොකළහොත් නීති දැඩි කරනවා

කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් මහජනතාව නිවැරදිව අනුගමනය නොකළහොත් ඉදිරියේ දි දැඩි තීරණ ගැනීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

කොවිඩ් රෝගීන් වැඩිවෙන විට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙය පාලනය නොකරන බවට චෝදනා එල්ලවන බව ද පැවසු ඒ මහතා, මෙය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට හෝ ත්‍රිවිධ හමුදාවට පාලනය කළ හැකි දෙයක් නොවන බවත් කියාසිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා,

“මිලියන 22ක් ඉන්න මිනිස්සු පස්සෙන් ගිහින් ඉන්න තරම් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සේවකයෝ නැහැ. තමන් මේ සෞඛ්‍ය පුරුදු අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුයි. මේක පිළිපදින්නේ නැත්නම් අපිට සිද්ධවෙන්වා නීතිරීති දැඩිකරන්න. අපි එතැනට යන්න බලාපොරොත්තුවක් නෑ. අපි මහජනතාව අපහසුතාවයට පත්කරන්න බලාපොරොත්තුවක් නෑ. අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ නීති රීති දැඩිලෙස අනුගමනය කරන්න කියලා. නැත්නම් අපිට අකමැත්තෙන් උනත් තීරණ ගන්න වෙනවා.”

Related posts

සියළුම පක්ෂ ලේකම්වරු මැතිවරණ ලේකම් කාර්යාලයට කැදවයි.. පුංචි ඡන්දය ගැන විශේෂ සාකච්ඡාවක් !

colombotoday

සජිත් – මෛත්‍රී රහස් හමුවක් !

colombotoday

අනියම් පෙමක් නිසා මන්නා පහර කෑ පියා-මව-දියණිය රෝහලේ…

Admin

ගෝතමී බාලිකා විදුහලේ සිසුවියකටත් කොරෝනා

colombotoday

ශාෆ්ටර්ගේ මරණය ගැන මහේස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව හෙට

Admin

නිකාබය සහ බුර්කාව තහනම් නෑ – නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ දන්වයි

colombotoday