Colombo Today Local News

කුරුණෑගල “රජපිහිල්ල” රැකගන්න නිහඬ විරෝධතාවක

කුරුණෑගල රජපිහිල්ල උද්‍යානයේ පැරැණි ගස් කිහිපයක් කපා දැමීම හා එම ඉඩම පුද්ගලික ආයතනයක් ඉදිකිරීම සඳහා බදු දීමට සූදානමක් පවතින බව පවසමින් පරිසර අමාත්‍යාංශය ඉදිරිපිට දී පිරිසක් ඊයේ (16)දින පෙරවරුවේදී නිහඬ විරෝධතාවයක නිරත වූහ. මෙම විරෝධතාකරුවන් හමුවට ගිය පරිසර ඇමැති මහින්ද අමරවීර කියා සිටියේ කුරුණෑගල රජපිහිල්ල උද්‍යානයේ පැරැණි ගස් කිහිපයක් කපා දැමීම හා එම ඉඩම පුද්ගලික ආයතනයකට පැවරීමට යන්නේ නම් ඒ සම්බන්ධව ඇමැති මණ්ඩලය දැනුවත් කර අවශ්‍ය පියවර ගන්නා බවයි.

කුරුණෑගල රජපිහිල්ල උද්‍යානයේ ගස් කපා දැමීම සම්බන්ධව ජනාධිපතිවරයාට වාර්තාවක් ලබා දෙන ලෙස තමන් මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දුන් බවත්, එම වාර්තාවට අනුව මෙම ස්ථානය පුද්ගලික අංශයට පැවරීමට යන බවක් සඳහන් ව නොමැති බවත් ඇමැතිවරයා කීවේය.

Related posts

චීනයට අක්කර 15000ක්.. මාගම්පුර වරාය ආශ්‍රිතව නව කර්මාන්ත 150ක් !

colombotoday

‘මැතිවරණ ක්‍රමයේ ගැටලු නිරාකරණය කර මැතිවරණය පවත්වනවා’

Admin

22 ගැසට් කරයි

colombotoday

දෙල්කඳ දී පොලිසියට තග දැමූ පුද්ගලයා අත්අඩංගුවට

Admin

රන්ජන්ට බන්ධනාගාර නිලධාරීන්ගෙන් අවවාද

colombotoday

නීතිවිරෝධීව යාත්‍රා කරමින් සිටි විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

Admin