මහරගම පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරත පොලිස් පරීක්ෂකවරයකු, උප – පොලිස් පරීක්ෂකවරුන් සිව්දෙනෙකු ඇතුළු නිලධාරීන් 12 දෙනකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.
මේ හේතුවෙන් ඔවුන්ගේ ආශ්රිතයන් ලෙස හඳුනාගෙන ඇත තවත් නිලධාරීන් 15 දෙනෙකු නිරෝධායනය සඳහා ද යොමුකර ඇත.
මහරගම පොලීසියේ ස්ථානාධිපතිවරයා පසුගියදා විරෝධතාවයක් අතරතුර අනතුරකට ලක්වීම හේතුවෙන් මේ වනවිට රෝහල්ගතව පසුවෙයි.
ඒ හේතුවෙන් පොලිස් ස්ථානයට වැඩබලන ස්ථානාධිපතිවරයෙකු පත්කර තිබූ අතර මෙම ආසාදිත පිරිස අතරට ඔහුද අයත්ය.