Colombo Today Local News

සියලුම ගර්භනී මව්වරුන්ට කොවිඩ් මර්දන එන්නත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කරයි

සියලුම ගර්භනී මව්වරුන්ට කොවිඩ් මර්දන එන්නත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කළේ, සංකූලතා ඇති හෝ නැති සියලු ගර්භනී මව්වරුන්ට ගර්භනී කාලය නොසලකා කොවිඩ් මර්දන එන්නත් ලබා දෙන බවයි.

ඊට අදාළව මේ වන විටත් ප්‍රාදේශීය මට්ටමින් සෞඛ්‍ය අංශ දැනුවත් කර ඇතැයි ද වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කළේ ය.

අධ්‍යක්ෂවරයා ගැබිණි මව්වරුන්ගෙන් ඉල්ලා සිටින්නේ, ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හරහා එන්නත් ලබාදෙන දිනයන් සහ වේලාවන් දැනගෙන එම එන්නත් ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි.

තව ද මේ විට කොවිඩ් ආසාදනය වීමෙන් ජීවිත අහිමි වී ඇති ගැබිණි කාන්තාවන් කිසිවෙකුත් කොවිඩ් මර්දන එන්නත් ලබාගෙන නොමැති අය බව ද අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

Related posts

අත්අඩංගුවට ගත් ව්‍යාජ වෛද්‍යවරයා

Admin

ආනයන සහ අපනයන පහසු කරයි

Admin

කොටි වළ දැමූ රත්තරන් සොයා මුලතිව් – ශිවනගර්හි කැණීම්

colombotoday

“මහාමාර්ග උසස් අධ්‍යාපනයටනම් ලොතරැයිය විදේශ අමාත්‍යාංශයට වුණාම මොකෝ“ – රවී

colombotoday

ආර්ථිකය ගොඩ ගන්න ඇමරිකානු සමාගමක් ගෙන්වයි.. ඩොලර් මිලියන 3ක් ගෙවන්න කැබිනට් අනුමැතිය

colombotoday

අන්තරේ පාගමනට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්

colombotoday