Colombo Today Local News

“අවලාද වලින් අපේ ගමන නවත්තනව බොරු.. අපි මැරෙන්න වුණත් ලෑස්තියි” – අනුර දිසානායක

අවලාද වලින්, ගැරහිලිවලින් තම දේශාපලන ගමන නැවැත්විය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහත පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ සහ නායක අනුර දිසානායක සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වර්තා සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ඊයේ (08) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කෙරුණා.

එම මාධ්‍ය හමුවේදී පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා දැක්වූ අදහස් පහතින් දැක්වේ.

“අපි මේ දේශපාලනය තෝරගෙන තිබෙන්නේ මැරෙන්න බලාගෙන. අපි මේ දේශපාලනයට සම්බන්ද වෙනකොට අපි ඇස් ඉදිරිපිට පැවති පාලනය මිනිසුන් ඝාතනය කරමින් තිබෙන තත්ත්වයත් ඇතුළේ තමයි අපි මේ දේශපාලන ව්‍යාපාරයට බැඳෙන්නේ. මරණය දැක දැක , මරණය අභිමුව මේ දේශපාලන ව්‍යාපාරයට සම්බන්ද වුණ මිනිස්සු. ඒ නිසා මෙවැනි කුඩා අවලාද වලින්, කුඩා ගැරහිලි වළින් , අපේ දේශපාලන ගමන් මග කඩාකප්පල් කරන්න කවුරුහරි කල්පනා කරනවනම් ඒක ඔවුන්ගේ සිහිනයක්”.

මේ මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා.

“මැයි දිනයේ අපි පණිවුඩයක් කිව්වා ජනතාවට වර්තමාන පාලනය පරාජයට පත්කරලා , රාජපක්ෂවරුන්ට ඉඩ කඩ නොතබා , අලුත් සමාජයක් නිර්මාණය කරන්න , අලුත් ආර්ථිකයක් හදන්න , දැවැන්ත ජනතා බලයක් අපි හදනවා , අපි ඒ වෙනුවෙන් වැඩකරනවා කියලා. ඒක පටන් අරන් තියෙන්නේ අපි. ඒක දිගට ගියෝතින් මේගොල්ලන්ගේ හීන බිඳ වැටෙනවා. ඒ නිසා දැන් ඕන කම තියෙනවා අපේ අවධානය වෙන පැත්තකට යොමු කරවන්න , අපට වෙන සටන් පෙරමුණක් හදන්න, ඒ සඳහා තමයි මේ ප්‍රවෘත්ති නිර්මාණය කරන්නේ”.

ජ.වි.පෙ. දේශපාලන මණ්‌ඩල සභික ලාල්කාන්ත මහතා අදහස්‌ දක්‌වමින්

මහින්ද රාජපක්‍ෂගේ පරාජයෙන් පස්‌සේ විපක්‍ෂ නායකකම ගන්න බාධා කළේ අනුර සහෝදරයා බව ඔවුන් දන්නවා. මහින්ද රාජපක්‍ෂට අගමැති වෙන හීනයක්‌ තිබුණා. ඒක සාර්ථක කරගන්නත් බැරිවුණා. දැන් විපක්‍ෂයේ කාර්යභාරය ජනතා විමුක්‌ති පෙරමුණේ අනුර සහෝදරයා ප්‍රමුඛව අපේ පක්‍ෂය කරට අරගෙන තිබෙනවා. මේ නිසා දැන් වටකරගෙන ගහන්න පටන් අරගෙන තිබෙනවා. මේවාට උත්තර නොදෙන්නේ ඇයි කියලා අපේ සාමාජිකයන් වගේම හිතවතුනුත් ප්‍රශ්න කරනවා. ඒ නිසා මේ නිශ්චිත ප්‍රශ්නයේදී අපි මේ පැහැදිලි කිරීම් ටික කරන්න තීරණය කළා.

Related posts

දිවුලපිටිය කත නව කොරෝනා පොකුරේ පළමු අසාදිතයා නොවේ – සෞඛ්‍ය අංශ තහවුරු කරයි

colombotoday

වසන්ත මුදලිගේ ජාතික රෝහලේ සමේ රෝග සායනයට රැගෙන යයි

Admin

පාර්ලිමේන්තුවේ ආරක්ෂක රැකවල් තර කරයි

colombotoday

කතරගම පඩුරු වලින් අපේක්ෂා රෝහලට ගොඩනැගිල්ලක්

Admin

සහල් හිඟයක් ඇති වෙන්නේ නෑ – ඇමති මහින්ද අමරවීර කියයි

colombotoday

ගෝල් ෆේස් ප්‍රහාරයෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වුණා. අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්න – මානව හිමිකම් කොමිෂන් සභාව

colombotoday