Colombo Today Local News

මේජර් ජෙනරාල් සුමිත් මානවඩු අභාවප්‍රාප්ත වේ!

පුද්ගලක වැඩබිමකදී සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ මේජර් ජෙනරාල් සුමිත් මානවඩු මහතා අභාවප්‍රාප්ත වෙයි.

පසුගිය 04 වනදා පෙරවරුවේ තුවාල ලැබූ ඔහු ප්‍රථමයෙන් යුද හමුදා රෝහලට ඇතුළත් කොට පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර එවීමෙන් අනතුරුව හදිසි සැත්කමකට භාජනය කරන ලදි.

මේජර් ජෙනරාල් සුමිත් මානවඩු මහතා පසුගිය රජය යටතේ මලයාසියාවේ නියෝජ්‍ය මහකොමසාරිස්වරයා ලෙස ද කටයුතු කර තිබේ.

විශ්‍රාමලත් හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පොදු අපේක්ෂකයා ලෙස 2010 ජනාධිපති මැතිවරණයෙන් පරාජයට පත්වූ අතර මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළබව ප්‍රකාශයට පත්කිරීමත් සමගම ෆොන්සේකාගේ ආරක්ෂාවට සිටි සොල්දාදුවන් අත්අඩංගුවට ගනු ලැබුවේද මේජර් ජෙනරාල් සුමිත් මානවඩු විසිනි.

Related posts

ලං.වි.ම ප්‍රතිව්‍යුහගතකරණයට අදාල පනත ලබන මාසයේ පාර්ලිමේන්තුවට

Admin

බදු වැඩිකිරීම හැර වෙනත් විසදුමක් රජයට නෑ – බන්දුලගෙන් අයවැය ගැන අනාවැකි

colombotoday

ස්විස්ටර්ලන්තයේදී රනිල් – එරික් සෝල්හයිම් හමුවී සාකච්චා කළේ මොනවාද?

colombotoday

නියෝජ්‍ය ලේකමුත් විමල්ගේ පක්ෂය හැර යයි.. ශ්‍රීලනිපයට එක්වෙයි

colombotoday

කුරුණෑගල සියලුම කඩ සාප්පු, කාර්යාල වසා දමන ලෙස දැනුම් දෙයි.

colombotoday

උත්සව සමයේ පාරිභෝගික නීති කඩ කරන්නන් සොයා වැටලීම්

Admin