ලෝක කම්කරු දිනය ඉරිදා දිනයක් වන අදට (01) යෙදී තිබීම නිසා හෙට (02) දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර නොමැති බව රාජ්‍ය පරිපාලන හා කළමණාකරන අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශයේ ලේකම් ජේ. දඩල්ලගේ මහතා කියා සිටියේ සදුදා දිනය සාමාන්‍ය පරිදි රාජකාරි දිනයක් බවයි.
මේ අතර මේ සම්බන්ධයෙන් කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශයද නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින් දැක්වේ.