Colombo Today Local News

විමල්ට, දිනේෂ්ට, ඩලස්ට, උදයට මැයි 1 දා ශාලිකා පිටිය තහනම්

ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින පෙළපාලිය සංවිධානය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පස්දෙනකු ඇතුළුව ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයින් හට නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයට ඇතුළුවීම තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඊයේ (29) හදිසි අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල හා සමස්ත ලංකා මෝටර් රථ සංගමයේ සභාපති ඩී. එම්. ජයසිංහ යන මහත්වරු වෙත මෙම හදිසි අතුරු තහනම් නියෝගය බාර දෙන ලෙසට මහේස්ත්‍රාත්වරයා නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපතිවරයා වෙත නියෝග කෙළේය.

මෙම සාමාජිකයින්ට මෙන්ම සංවිධායකවරු, අනුගාමිකයින් හෝ කිසිදු පුද්ගලයෙකුට නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයට ඇතුළුවිය නොහැකි බවත්, බලහත්කාරයෙන් ඇතුළුවුවහොත් 106 (3) වගන්තිය ක්‍රියාත්මක කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කෙළේය.

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය එම පිටියේ පැවැත්විම හරහා අනවසරයෙන් පුද්ගලයන් එයට ඇතුළු වි සාමය කඩවිමට අවස්ථාවක් ඇතැයි සඳහන් කරමන් නාරාහේන්පිට පොලීසිය අධිකරණයේ කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.

Related posts

කොවිඩ් මර්දන විශේෂ කමිටුව වැදගත් තීරණ කිහිපයකට එළඹෙයි

colombotoday

ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා දිවයිනට

colombotoday

කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතිකයන් 14 දෙනා මෙන්න. සුප්‍රසිද්ධ හාජ්ජියාර් එබ්‍රහිමුත් ඒ අතර

colombotoday

අහිරහස් ලෙස වෙඩි වැදී මියගිය STF නිලධාරියෙකුගේ සිරුරක් හමුවෙයි

colombotoday

ව්‍යාධිජනකයින් සහිත චීන කාබනික පොහොර තොගය ගෙනඒම අත්හිටුවයි

colombotoday

අයියාගේ කැතිපහරින් මල්ලී මරුට

colombotoday