32 C
Colombo
6 April 2025
Colombo Today Local News

ශ්‍රී ලංකන් කොටස් 40% කටාර් ගුවන් සේවයට විකුණයි

වර්තමාන රජයේ ප‍්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ දැනට පාඩු ලබන ශ‍්‍රී ලංකන් එයාර් ලයින් ආයතනයේ කොටස්වලින් 40%ක් කටාර් එයාවේස් ආයතනයට ලබා දෙනු ඇතැයි දැනගන්නට ඇත.

මේ පිළිබඳව ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අසෝක අබේසිංහ මහතා ගෙන් කල වීමසීමේදී ප‍්‍රකාශ කළේ තවමත් ඒ පිළිබඳව නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවයි.

රුපියල් කෝටි හතළිස් හයදහසක පාඩුවක් ලබා තිබෙන ශ‍්‍රී ලංකන් එයාර් ආයතනය ලබන සැප්තැම්බර් මාසය දක්වා නඩත්තු කිරීමට රජය ඩොලර් මිලියන දෙසීය පනහක මුදලක් ලබා දීමට තීරණය කර ඇති බව ප‍්‍රකාශ කරන ඒ මහතා, ශ‍්‍රී ලන්කන් ආයතනය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ නිසි ක‍්‍රමවේදය සැකසූ පසු එම වැඩපිළිවෙළ අග‍්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි ද ප‍්‍රකාශ කළේය.

ඒ මහතා ප‍්‍රකාශ කළේ 1998 වර්ෂය තුළ දී ද එමිරේට්ස් ගුවන් සමාගමට ශ‍්‍රී ලංකන් ගුවන් සේවාව තම කොටස්වලින් 40%ක ප‍්‍රමාණයක් ලබාදුන් අතර මෙවර බොහෝ දුරට 40%ක සහ 60% ලෙස කොටස් ගුවන් සමාගමට සහ රජය අතර බෙදී යනු ඇති බවත්ය.

මේ අතර පසුගිය කාලයේ ලංකාවට පැමිණි කටාර් රජයේ ප‍්‍රධානීන් සහ කටාර් එයාවේස් ආයතනයේ ප‍්‍රධානියා සහ ශ‍්‍රී ලංකා රජය අතර මේ පිළිබඳව සාකච්ඡුාවක් පැවති බව ද දැනගන්නට ඇත.

කටාර් එයාවේස් ආයතනය ලෝකයේ ප‍්‍රධානම ගුවන් සමාගම් අතරින් ඉහළින්ම සිටින ආයතනයකි.

(රාවය)

Related posts

මේ නපුංසක පාලනයෙන් රට බේරාගන්න.. බඩ ගැන නොසිතා, රට ගැන සිතා එක්වෙන්න දැන් වෙලාවයි – ඥාණසාර හිමි

colombotoday

හිටවලා සති දෙකයි.. ජනපතිගේ නා පැළය හොරු ගලවන් ගිහන්

colombotoday

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වේ

colombotoday

අගමැතිගේ සුපිරි ඇමතිකමට උතුරත් හරස් වෙයි

colombotoday

ෂර්මිලා රාජපක්ෂ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ධුරයට

colombotoday

ජනපතිගෙන් චීන ව්‍යාපාරිකයින්ට ආරාධනාවක්

Admin