Colombo Today Local News

ජනපතිට අගමැතිට නැති ආරක්ෂාවක් මන්ත්‍රීට දෙන්නෑ.. මහින්දගේ හමුදා ආරක්ෂාව මැයි 01 න් ඉවරයි

rajitha

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට ලබාදී ඇති හමුදා ආරක්‌ෂාව ලබන මැයි 01 වැනිදායින් පසුව ඉවත් කරන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් සතියේ පැවැති ඇමැති මණ්‌ඩල රැස්‌වීමේදී දැනුම් දුන් බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය. දේශපාලනඥයන්ට යුද හමුදා ආරක්‌ෂාව ලබා නොදීමට ආරක්‌ෂක මණ්‌ඩලය තීරණයක්‌ ගෙන ඇති බවත් ඒ අනුව මෙම තීරණය ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා ඇමැති මණ්‌ඩලයට ප්‍රකාශ කළැයි ඇමැතිවරයා කීය.

ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට නොමැති හමුදා ආරක්‌ෂාවක්‌ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අවශ්‍ය නැතැයිද හමුදා ආරක්‌ෂාව කිසිවකුට අවශ්‍ය නැති අතර මේ පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ග ආරක්‌ෂක මණ්‌ඩලය තීරණය කර ඇතැයිද ජනාධිපතිවරයා දැනුම්දී ඇතැයි ඇමැතිවරයා පැවසීය.

හිටපු ජනාධිපතිවරයාගේ හමුදා ආරක්‌ෂාව ඉවත් කරන බවට ආරක්‌ෂක ලේකම්වරයා මීට පෙර ප්‍රකාශ කළ අතර ඉන්පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස්‌ පකAෂ ක්‍රියාකාරීන්ගේ හමුවකදී හිටපු ජනාධිපතිවරයාගේ හමුදා ආරක්‌ෂාව ඉවත් නොකරන බව ප්‍රකාශ කරනු ලැබීය.

Related posts

ජනපතිගේ බැදුම්කර ප්‍රකාශය මහ ප්‍රෝඩාවක්.. රටම අන්දන්න ලේකම්වරයෙක් ලියූ ප්‍රබන්ධයක් !

colombotoday

19 ව්‍යවස්ථාව කියන්නේ රනිල් වික‍්‍රමසිංහ එන්ජීඕකාරයෝ එක්ක ගහපු කොල තුනේ සූදුවක් – මෛත්‍රිපාල සිරිසේන කියයි

colombotoday

මහින්ද අගමැති වීම වළක්වන ව්‍යවස්ථා සංශෝධනයකට ශ්‍රීලනිප එකගතාවය !

colombotoday

ජී.එල්.ගෙන් UN නියෝජිතයින්ට සහතිකයක්

colombotoday

තරුෂිට ක්‍රීඩා ඇමතිගෙන් සුබ පැතුම්

Admin

ලංකාවට කොවිඩ් ගැන අනතුරු ඇඟවීමක්

Admin