ශ්‍රී ලංකාවේ මුල්‍ය අර්බුදය විසදීම සදහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මුතීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය අද වාර්තා කර තිබිණු අතර මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාද ඒ බව තහවුරු කර තිබෙනවා.
කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම ණය ලබාදීමට ඉදිරිපත්කල කොන්දේසි තවමත් හෙළි කර නැහැ. මීට දින දෙකකට ඉහතදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පුද්ගලික අංශය හා සම්බන්ද වීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුනා.