Colombo Today Local News

“ජනමාධ්‍ය ලේකම්ගේ ලිපිය රජයේ එකක් නෙවෙයි.. ඒ ගැන මම දන්නෙත් නෑ” ජනමාධ්‍ය ඇමති

gayantha karunatilaka

“ඒකාබද්ධ විපක්ෂය“ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් අද මාධ්‍ය ආයතනවලට නිකුත් කරන ලද නිවේදනය රජයේ ස්ථාවරය නොව එය ඔහුගේ පෞද්ගලික ඉල්ලීමක් යැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය හා විපක්ෂය ලෙස පැහැදිලිව තිබියදී කිහිප දෙනෙකු එක්ව ඒකාබද්ධ විපක්ෂය නමින් පෙනී සිටීම නීත්‍යානූකූල නොවන බවට ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා අද දහවල් නිකුත් කළ නිවේදනය ගැන අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියයි.

මේ අතර ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ එකී නිවේදනය ජා.නි.පෙ නායක පා.ම විමල් වීරවංශ මහතා ද හෙළාදකිමින් අදහස් පළකර තිබිණ.

Related posts

ලෝකෙම ඉල්ලන ලංකාවේ මිනී පෙට්ටිය

colombotoday

මහපාරේ දමා ගිය අයිස් වලට ඇබ්බැහිවූ යුවලගේ අලුත උපන් බිළිදා මිය යයි

Admin

රන්ජන්ගේ රාජ්‍ය පට්ටම ගැලවෙයි.. බුද්ධික මෙදා පාරත් කැපෙයි !

colombotoday

සජිත්ගේ ජන හමුවකදී කුණු බිත්තර ප්‍රහාරයක්

colombotoday

අරගලයට නැවත පණ දෙන්න – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

Admin

මර්වින් ජනාගේ මුදල් හැසිරවූ නුවන් ලක්ෂිත ගල්කිස්සේදී අත්අඩංගුවට

colombotoday