Colombo Today Local News

බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ධුරයෙන් ගීතා නෙරපයි !

පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ධුරයෙන් වහාම ඉවත් කිරීමට පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත.

ඒකාබද්ධ විපක්ෂය විසින් කිරුලපණදී පැවැත්වෙන මැයි රැළියේ ප්‍රචාරක කටයුතු වලට සහබාගී වෙමින් එම රැළියට සහභාගී වන ලෙස ඉල්ලා ඇය ගාලු දිස්ත්‍රික්කය පුරා පෝස්ටර් අලවා ඇති අතර, එම රැළිය සංවිධානය කරන බැසිල් රාජපක්ෂ මහතා සමග ගාල්ලේ පැවති රැස්වීම කිහිපයක සහභාගී වෙමින් ජනාධිපතිවරයාව දැඩි ලෙස විවේචනය කර තිබීම ඇය මෙලෙස සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට ආසන්නම හේතුව බව ආරංචි මාර්ග හෙලිකරයි.

මේ අතර ගාල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින සැමරුමට සහභාගි නොවී වෙනත් සැමරුම්වලට සහභාගි වන ආසන සංවිධායකවරුන් ඉවත් කර නව ආසන සංවිධායකවරුන් පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති අතර, ඒ අනුව අදාළ ආසන සංවිධායකවරුන් ඉවත් කිරීමත් සමග ඇතිවන පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා නව ආසන සංවිධායකවරුන් හඳුනාගැනීම සඳහා දැනටත් සම්මුඛ පරීක්ෂණ ආරම්භකර ඇත.

Related posts

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ 44වන ජන්ම දිනය හෙටයි(4)

colombotoday

‘මහබැංකුව කොල්ලකෑ අර්ජුන්ගේ කනේ මයිලක් ගලවා පෙන්වන්න‘ – රන්ජන්ට අභියෝගයක්

colombotoday

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

colombotoday

වියතුන් සභා මැද ගෝඨාභය රට ගොඩනගන අනාගත දැක්ම හෙළිකරයි (Video)

colombotoday

කොළඹ වරාය නගරයෙන් රටට අයිති විය යුතුව තිබූ ඉඩම් විශාල ප්‍රමාණයක් අහිමි වෙලා- අගමැති

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන හිටපු ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Admin