Colombo Today Local News

ඊළමට පණ දෙන්න ප්‍රබල කොටි 67ක් රටවල් 12ක සිට වැඩ !

එල්.ටී.ටී.ඊ. ටොෂි බුද්ධි සේවයේ දෙවැනියා වූ විනයාගම් කපිල් මාස්‌ටර් මුගන්දන්, දේවන් සහ සිරංජි මාස්‌ටර් යන කොටි නායකයන් සමඟ ප්‍රබල කොටි ත්‍රස්‌තවාදීන් හැටහත්දෙනකු (67 ක්‌) ලොව පුරා රටවල් දොළහක සිට ක්‍රියාත්මක වන බව යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය මගින් අනාවරණය කරගෙන තිබේ.දැනට පොලිස්‌ අත්අඩංගුවේ පසුවන රාම්, නගුලන් සහ ත්‍රිකුණාමලය කොටි බුද්ධි ප්‍රධානියා වූ කවේන්ද්‍රන්, පිරබා යන ත්‍රස්‌තවාදීන් යොදා ගෙන යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය ඉකුත් 2014 වසරේ අග දක්‌වා ක්‍රියාත්මක කළ ‘ඔපරේෂන් ඩබල් එඡ්’ මෙහෙයුම මගින් මෙම තොරතුරු හෙළිකරගෙන ඇත.

යුද්ධය අවසානයේ මෙසේ විදේශයට පැන ගිය කොටි නායකයන් ඇතුළු කිසිදු ත්‍රස්‌තවාදියකු මෙතෙක්‌ කොටු කර ගැනීමට නොහැකි වී ඇති අතර, ඔවුන් එම රටවල සිට එල්.ටී.ටී.ඊ. යට නැවත පණ දීම සඳහා දැඩි උත්සාහයක්‌ දරන බව ද හෙළි වී ඇත.

පසුගිය කාලයේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය ක්‍රියාත්මක කළ ‘ඔපරේෂන් ඩබල් එඡ්’ මෙහෙයුම හිටි හැටියේ ලෝකයට අනාවරණය වීමත් සමඟ මෙම කොටි ත්‍රස්‌තවාදීන් පිළිබඳ කෙරුණු විමර්ශන ද මේ වන විට ඇණහිට තිබේ.

ප්‍රංශය, බ්‍රිතාන්‍ය කැනඩාව, ඉන්දියාව, ජර්මනිය, දකුණු අප්‍රිකාව, නෝර්වේ, මැලේසියාව, ඩෙනමාර්ක්‌, කටාර්, නෙදර්ලන්තය සහ ස්‌ට්‌සර්ලන්තය යන රටවල සිට මෙම ත්‍රස්‌තවාදීන් ක්‍රියාත්මක වන බව ද හෙළි වී ඇත.

සමන් ගමගේ

Related posts

ප්‍රධාන වෛද්‍ය නිලධාරියෙකුටත් කොවිඩ් | වඳුරඹ ග්‍රාමිය රෝහල තාවකාලිකව වැසෙයි

colombotoday

ජනපතිවරුන්ගේ වෙඩි නොවදින රථ සමගින් කොටින්ගේ නෞකාවක් මහ සයුරේ ගිල්වා දැමුණේ මෙහෙමයි (PHOTOS)

colombotoday

ආසාදිත සිරුරු භූමදානය බැහැ. ආදාහනය පමණයි. | සෞඛ්‍ය ඇමතිනි පාර්ලිමේන්තුවේදී කියයි.

colombotoday

දේශබන්දුට පහරදුන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

තවත් පොලිස් නිලධාරීන් දසදෙනෙකුට කොවිඩ්

colombotoday

අත්තනගලු ඔයේ ජල මට්ටම මහ ගංවතුර තත්ත්වයක

Admin