කොළඹ කොටස් වෙළඳ තුළ ගෙවීගිය වසරක කාලය තුළ රුපියල් කෝටි 25,700කින් වෙළෙඳපොළ වටිනාකම පහළ ගොස් ඇත.
රුපියල් බිලියන 2931ක් ලෙස වසරකට පෙර වූ කොටස් වෙළෙඳපොළේ මුළු වටිනාකම අප්‍රේල් 08 දා පෙන්වූයේ රුපියල් බිලියන 2674ක අගයකි. එම කාලය තුළදී සමස්ත මිල දර්ශකයද ඒකක 6914 සිට 6276 දක්වා ඒකක 638 කින් පහළ බැස ඇත.