World

මාධ්‍යවේදියෙක් ප්‍රවෘත්ති කාමරයේම දිවි නසා ගනී

වසර පහක සිට නිසි පරිදි වැටුප් නොගෙවීම නිසා ඡායාරූප මාධ්‍යවේදියකු වූ ටී. කුමාර් සිය දිවි නසා ගෙන තිබේ.

ටී. කුමාර් සේවය කර ඇත්තේ යුනයිටඩ් නිවුස් ඔෆ් ඉන්දියා නම් ප්‍රවෘත්ති ඒජන්සියේය. හෙතෙම දෙදරු පියෙකි. පසුගිය 13 වැනිදා හවස ඔහු යුනයිටඩ් නිවුස් ඔෆ් ඉන්ඩියා ප්‍රවෘත්ති ඒජන්සියේ ප්‍රවෘත්ති කාමරය තුළ දිවිනසා ගෙන තිබිණි. තවත් මාධ්‍යවේදීන් චෝදනා කර ඇත්තේ යුනයිටඩ් නිවුස් ඔෆ් ඉන්දියා ආයතනයේ බලධාරීන් සිය සේවකයන්ට නිසියාකාරයෙන් වැටුප් නොගෙවන බවටය. ඇතැම් මාසවල සම්පූර්ණ වැටුප සේවකයන්ට ලබා නොදී කොටස් වශයෙන් එය ලබාදෙන බව ඔවුහු පවසති.

යුනයිටඩ් නිවුස් ඔෆ් ඉන්ඩියා ආයතනයේ සේවය කර ඉන් ඉවත්වූ නම සඳහන් නොකළ මාධ්‍යවේදියෙක්ද මාධ්‍යයට අදහස් දක්වා තිබුණේය. එම ප්‍රවෘත්ති ඒජන්සිය සේවකයන්ට වැටුප් ගෙවීම ප්‍රමාද කරන බව ඔහුද සනාථ කර ඇත. යුනයිටඩ් නිවුස් ඔෆ් ඉන්දියා බලධාරීන් සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවීම්ද පැහැර හරින බවට චෝදනා නැඟෙමින් තිබේ.

Related posts

අමෙරිකාවේ කුඩා ළමුන්ටත් එන්නත් ලබාදීමට අනුමැතිය

colombotoday

චීනයෙන් නව අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගගනගාමීන් තිදෙනෙක් යවයි

colombotoday

තුර්කියේ තවත් ප්‍රබල භූ කම්පනයක්

Admin

ඉන්දීය සෙබළුන් 40කට මරු කැදවූ මොහොමඩ් බායි ත්‍රස්තයා මරා දමයි..

colombotoday

ඩුබායි ගිනිගද්දී සෙල්ෆි ගහලා

colombotoday

මුස්ලිම් නොවන අයව අවසන් කිරීමට “ලව් ජිහාඩ් සහ මත්ද්‍රව්‍ය ජිහාඩ්” භාවිතා කරනවා – රදගුරු මාර් ජෝශප් කල්ලරංගට්

colombotoday