Colombo Today Local News

හෙට රන්ජන්ට සමාව ඉල්ලා සජිත්ගෙන් ට්ව්ටර් පණිවුඩයක්

සැප්තැම්බර් මස 12 වැනිදාට යෙදී ඇති සිරකරුවන්ගේ දිනයේදී රන්ජන් රාමනායක මහතාට නිදහස ලබා දෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

විපක්ෂ නායකවරයා මෙම ට්විටර් පණිවුඩයෙන් පෙන්වා දෙන්නේ, ජනතාවාදී කලාකරුවකු මෙන්ම, ජනහිතකාමී දේශපාලනඥයකු ද වන රන්ජන් රාමනායක මහතා ජනාධිපති සමාව යටතේ නිදහස් වනු ඇති බවට තමන් විශ්වාස කරන බවය

මේ පිළිබඳව ජනාධිපතිතුමන්ගේ අවධානය යොමු වෙතැයි තමන් සිතන බව ද විපක්ෂනායකවරයාගේ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

සිරකරුවන්ගේ ජාතික දිනය සැප්තැම්බර් 12 වැනිදාට යෙදී තිබේ.

එදිනට ජනතාවාදී කලාකරුවකු මෙන්ම, ජනහිතකාමී දේශපාලනඥයකුද වන අප හිතවත් රංජන් රාමනායක මහතා ජනාධිපති සමාව යටතේ නිදහස ලබනු ඇතැයි මා අපේක්ෂා කරමි. ඒ පිළිබඳව ජනාධිපතිතුමන්ගේ අවධානය යොමුවෙතැයි සිතමි.

Related posts

මත්පැන් බැරලයක් පුපුරා අයෙක් මරුට

colombotoday

ඒකාබද්ධයේ හයකට ශ්‍රීලනිපයෙන් විනය පරීක්ෂණ

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ට කොවිඩ්

colombotoday

තරග පාවාදීමට ක්‍රීඩකයන් පෙළඹවූ පුහුණුකරුගේ වැඩ තහනම්!

colombotoday

අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ රත්කරව්වේ ජිනරතන හිමියන්ට අධිකරණයෙන් වරෙන්තු

colombotoday

සාම්පූර් චෛත්‍ය ඩෝසර් කළ, කෝවිල් කමිටුවේ ප්‍රධානීන් රක්ෂිත බන්ධනාගාරයට

colombotoday