Colombo Today Local News

ඉඩම් කොල්ලයක තොරතුරු දුන් ගොවියාට ගුටි පුජාවක්

දඹුල්ල වෑවලවැව, සීගිරිය අලකොළවැව ප්‍රදේශවල රජයේ ඉඩම් අත්පත් කරගැනීමේ ජාවාරම් පිළිබඳව මාධ්‍යයට තොරතුරු දුන්නැයි චෝදනා කරමින් ප්‍රදේශයේ ගොවියකුට ඉකුත් 23 වැනිදා බරපතළ ලෙස පහරදී ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.

මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ දඹුල්ල වෑවලවැව, අලකොළවැව ප්‍රදේශයේ පදිංචි ඒ.ජී. දිසානායක නොහොත් ප්‍රදේශයේ බොහෝදෙනකු හඳුනන ‘බණ්ඩා මාමා’ නමැත්තෙකි.ඔහු දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

රජයේ ඉඩම් සහ වනජීවී දෙපාර්තමේන්තුවේ මෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් අත්පත් කරගෙන ඒවා පිටස්තර පුද්ගලයන්ට අලෙවි කිරීමේ ක්‍රියාවලිය සිදුවන බව ජනමාධ්‍ය මඟින් පසුගිය කාලය පුරා දිගින් දිගටම හෙළිදරව් විය.

එම අවස්ථාවලදී මාධ්‍යවේදීන්ට, වන සංරක්ෂණ නිලධාරීන්ට, පොලිසියට සහ වනජීවී නිලධාරීන්ට තොරතුරු ලබාදුන් බවට චෝදනා කරමින් තමන්ට පහරදී පිහියකින් ඇනීමට ද උත්සාහ කළ බව පහරකෑමට ලක් වූ පුද්ගලයා පොලිසියට ප්‍රකාශ කර ඇත.

Related posts

නයිජිරියානු ජාතිකයින් දෙදෙනෙක් මහරගමදී අත්අඩංගුවට

colombotoday

IECD බලපත්‍ර සඳහා Online ඔස්සේ ගාස්තු ගෙවීමට අවස්ථාව

colombotoday

ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන මධ්‍යස්ථානයට STF ආරක්ෂාව ඉල්ලයි

colombotoday

ඇල්පිටියේ නිවසක බෝම්බ පිපිරීමක්

colombotoday

ගහෙන් වැටිල මැරෙනවද? කරන්ට් වැදිල මැරෙනවද? ඉන්දියන් ගිලන් රථයට නගින්න පෙර දෙවරක් සිතන්න – GMOA

colombotoday

රජයේ රෝහල්වල ඉන්සියුලින් හිඟයක්

Admin