නයිජීරියාවේ කැනෝ ප්‍රාන්තයේ ආහාර විෂවීමක් හේතුවෙන් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ප්‍රමිතියෙන් තොර ආහාර පරිභෝජනයත් සමඟ ඇති වු ආසාත්මිකතා හේතුවෙන් එම මරණ සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ආසාත්මිකතා හේතුවෙන් තවත් පුද්ගලයින් 400 දෙනෙකු පමණ රෝහල්ගත කර තිබේ.
දැනට ප්‍රතිකාර ලබන පුද්ගලයින් හට වමනය, මුත්‍රා සමඟ රුධිරය පිටවීම වැනි රෝග ලක්ෂණ පවතින බව වාර්තා වේ.