Colombo Today Local News

මුදල් වෙන්කළ සංවර්ධන ව්‍යාප්ති මේ වසරේ නිමකරන්න – අගමැතිගෙන් උපදෙස්

මුදල් වෙන් වූ සංවර්ධන ව්‍යාපෘති මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබා දී තිබේ.

සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කළ මුදල් ආපසු මහා භාණ්ඩාගාරයට යැවීම වෙනුවට වසර අවසන් වීමට පෙර අදාළ සංවර්ධන ව්‍යාපෘති අවසන් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ තෙවැනි කාර්තුව සඳහා අරලියගහ මන්දිරයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අදාළ උපදෙස් ලබා දී තිබේ.

එහිදී අදහස් දක්වමින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප්‍රකාශ කර ඇත්තේ පසුගිය ජූලි මාසයේ ආරම්භ කළ සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය මේ වනවිට ඉතා සාර්ථකව ක්‍රියාත්මක බවය.

ලබන දෙසැම්බර් මස 31 වනදාට පෙර අදාළ සංවර්ධන ව්‍යාපෘති බොහොමයක් අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා එහිදී සඳහන් කර ඇත.

Related posts

LTTE සොහොන් බිම් එළි පෙහෙළි කරයි… කොටි මහවිරු සමරුවට උතුර සූදානම්…

colombotoday

ගෝඨාභයට විරුද්දව රනිල් සහ මර්වින් මිනී මැරුම් සාක්‍ෂි හදයි

colombotoday

හර්ෂණගේ ආචාර්ය හුටපටයට තවත් ලොක්කෙක් සී.අයි.ඩී.යට

Admin

අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙක් අතුරුදන්

Admin

පොහොට්ටුවේ මඩ බලකාය අපිට ෆේස්බුක් එකේ මඩ ගහනවා.. ජවිපෙ රහස් පොලිසියට පැමිණිලි කරයි

colombotoday

සුමධුර කවිබණ පදයෙන් සුවහස් හදවත් සනහාලූ බුද්ධ පුත්‍රයෙකුට ජීවිතය දෙමු (Video)

colombotoday