Colombo Today Local News

වැලිසර ළය රෝහලෙන් කොවිඩ් රෝගියෙකු පලා යයි

මරදාන ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයක් ලබා දී වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත වයස අවුරුදු 43 ක් වූ පුද්ගලයකු පලාගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

ක්ෂය රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණ සිටි මෙම පුද්ගලයාට පසුව සිදුකළ පි සි ආර් පරීක්ෂණයකදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබූ බව පොලිස්පතිවරයා පැවසීය.

පලා ගිය මෙම පුද්ගලයා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවට විමර්ශනවලදී අනාවරණ වූ බවත් එම පුද්ගලයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

සංවිධානය කළ උත්සව-චාරිකා නවත්වන්න – යුද හමුදාපති

colombotoday

බිම් බෝම්බ ඉවත් කරන ප්‍රදේශයක තිබී LTTE සංවිධානයේ නිළ ඇදුම් සහ මිනිස් අස්ථි කොටස් හමු වෙයි

colombotoday

2015-2018 යහපාලන වංචා දූෂණ හොයන්න ජනපතිගෙන් කොමිසමක්…

colombotoday

සෑම මැතිවරණ කොට්ඨාශයකටම නිවාස ඒකක 100කින් යුත් නිවාස සංකීර්ණයක්

colombotoday

භූගත ජලය භාවිතයේදී සැලකිලිමත් වන්න

Admin

තිළිණිගේ හොර වැඩ වලට ගයිට් කළ රූපලාවන්‍යාගාර හිමිකරු රිමාන්ඩ්

Admin