Colombo Today Local News

කෲඩියා සිලනිකා ඉවත් කරන්නේ නෑ.. මැදිකර අධිවේගය ඉදිකරනවා. – අමාත්‍ය සී. බී. රත්නායක කියයි

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරන වැඩබිමේ දාරළුව ප්‍රදේශයේ දී හමුවූ කෲඩියා සිලනිකා ශාඛය ඉවත් නොකර එය දෙපසින් මාර්ගය ඉදිකිරීමට තීරණය කර ඇතැයි වනජීවී හා වනසම්පත් අමාත්‍ය සී. බී. රත්නායක මහතා පවසයි.

එම ශාඛය කපා දැමීම, ඉවත් කර වෙනත් තැනක සිටුවීම හෝ එවැනි වෙනත් කිසිදු ක්‍රියා මාර්ගයක් නොගන්නා ලෙසත්, ශාඛය ආරක්ෂිතව මගහැර එය දෙපසින් මාර්ගය ඉදිකිරීමට කටයුතු කරන ලෙසත් උපදෙස් දෙමින් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ලිපියක් යැවූ බව ද රත්නායක මහතා කීය.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද මෙම අදහසට එකඟ වී ඇති අතර ඒ පිළිබඳව පසුගිය කැබිනට් මණ්ඩලයට කරුණු වාර්තා කළ බවත්, මාර්ග සංවර්ධන අධිකාරිය වෙත යැවූ ලිපියට ලැබෙන පිළිතුර ඉදිරි කැබිනට් රැස්වීමකට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන බවත් රත්නායක මහතා ප්‍රකාශ කරයි.

හොඳින් වැඩුණු ශාකයක් වන එම කෲඩියා සිලනිකා ශාකය ඉවත්කිරීමට එරෙහිව පරිසරවේදීන් ඇතුළු විශාල පිරිසක් විරෝධය දැක්වූ අතර විද්වතුන්ගේ මත ඇතුළු සියලු විරෝධතා ගැන ද සලකා මෙම තීරණය ගත් බව ද හෙතෙම සඳහන් කළේය.

කෲඩියා සිලනිකා ශාඛය ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් සේ සැළකෙන අතර එය වඳවී ගිය ශාකයක් ලෙස රතු දත්ත පොතටද එක්ව තිබු අතර මෙම ශාඛය හමුවීමෙන් පසු තවත් ශාක කිහිපයක් හමුවී තිබිණි.

Related posts

සියලු මාර්ගවල දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

Admin

බදු වැඩි කිරීම ගැන ඉතා සතුටුයි.. දුප්පතුන්ට කිසි අවුලක් නෑ.. වරද රාජපක්ෂලාගේ

colombotoday

උතුරේ බලය ජනපති යටතට ගත යුතු බවට විග්නේෂ්වරන්ගෙන් යෝජනා

colombotoday

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත සංඛ්‍යාව 219 දක්වා ඉහළට

colombotoday

බියර් නිෂ්පාදනයට සමාගමක් කමත්වලටගිහින් රතු වී අරගෙන

colombotoday

බලෙන් උපත් පාලනය කරවන දඹුල්ලේ වෛද්‍යවරිය ගැන සෞඛ්‍ය අමාත්යංශය විශේෂ පරීක්‍ෂණ

colombotoday