Colombo Today Local News

පාස්කු ප්‍රහාරය : අහමඩ් ලෙබ්බේ අලව්දීන් රිමාන්ඩ්

2019 වසරේ පාස්කු ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුගේ පියා වන අහමඩ් ලෙබ්බේ අලව්දීන් නැමැත්තා මාර්තු මස 02 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඔහුට එරෙහි පැමිණිල්ල අද (16)දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පැවසුවේ එම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවය.

එමෙන්ම බෝම්බකරුගේ පවුලේ සාමාජිකයින් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අහමඩ් ලෙබ්බේ අලව්දීන් නැමැති සැකකරු මාර්තු මස 02 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

Related posts

අගමැති පරාද විය යුතුයි නැත්නම් ඉල්ලා අස්විය යුතුයි

colombotoday

ISIS ගැන රජය අවධානයෙන්: ආරක්ෂක ලේකම් කියද්දී, ජනපති උපදේශක සාලි මරාගෙන මැරෙන්න යයි

colombotoday

ආර්ථිකය කියලා ජීවිත බිල්ලට දෙන්න එපා – රනිල් වික්‍රමසිංහ

colombotoday

මැතිව්ස්ට කොවිඩ්

colombotoday

නාවලපිටියේදී පාස්ටර් ජෙරම් ගුටි නොකා නූලෙන් බේරෙයි

Admin

ගොවි පවුල් 48,000කට 30000ක ආධාරයක්

Admin