Colombo Today Local News

“ගරු අගමැතිතුමනි, පාරිභෝගිකයාව කබලෙන් ලිපිට දාන්න එපා” – පාරිබෝගිකයන් සුරැකීමේ සංවිධානය

පාරිබෝගිකයින් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සබාපති රන්ජිත් විතානගේ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් 15% ක වැට් බද්ද වැඩිවීම තුලින් වෙළෙන්දනට , පාරිභෝගිකයන් ගසා කැම සදහා නීත්‍යානුකූලභාවයක් ලබාදීමට රජය ගෙන ඇති තීරණය වෙනස් කරන ලෙස ඉල්ලා තිබෙනවා.
සෞඛ්‍ය සේවා,තොග සිල්ලර වෙළදාම හා සන්නිවේදන සේවා සදහා වැටි බද්ද ඉවත් කරන ලෙස ඉල්ලා ඇති මෙම ලිපිය පහතින් දැක්වේ……

ගරු අගමැතිතුමනි,
මැයි පළමුවන දා සිට 15% ක් වන වැටි බද්ධ සෞඛ්‍ය සේවා,තොග සිල්ලර වෙළදාම හා සන්නිවේදන ක්ෂත්‍ර සදහාද ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍යංශය විසින් නිවේදනය කරන ලදී. මෙම තිරණය මෙරට පාරිභෝගිකයන් දැඩි ලෙස පීඩාවට පත්කිරීමක් වන අතර මේ වන විටත් ජීවන බර දරගත නොහැකිව සිටින පාරිභෝගිකයා අදාල තීරණයත් සමග කබලෙන් ලිපිට ඇද දැමීමක් සිදු කරනු ලබයි. විශේෂයෙන්ම අප රටතුළ නිදහස් සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක වූවද විශාල පිරිසක් පෞද්ගලික වෛද්‍ය සේවාවන්ගේ සේවය ලබා ගනී. මෙම වැටි බද්දත් සමග අදාල සේවාවන් සදහා අය කරන ගාස්තු ඉහළයාමක් සිදුවෙනු ලබයි.

තවද තොග හා සිල්ලර වෙළදාම සදහාද සිදුවන මෙම බදු සංශෝධනය නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහලයාමක් ද සිදුවන අතර මෙය වෙළෙන්දනට , පාරිභෝගිකයන් ගසා කැම සදහා නීත්‍යානුකූලභාවයක් ලබාදීමක් වේ.
මෙරටපාරිභෝගිකයා මේවනවිටත්අධික ජීවනබර නිසා පිඩාවට පත්ව ඇති නිසා සෞඛ්‍ය සේවා,තොග සිල්ලර වෙළදාම හා සන්නිවේදන ක්ෂත්‍ර සදහාද ක්‍රියාත්මක කිරීමට නියමිත වැටි බදු සංශෝධනය නතර කරන ලෙස මෙරට සමස්ත පාරිභෝගිකයන් වෙනුවෙන් ඉල්ලා සිටිමු.

Related posts

මහෙස්ත්‍රාත්වරුන් සහ විනිසුරුවරුන් 72කට ස්ථාන මාරුවීම්

colombotoday

ජපුර නව කුලපති ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමි

colombotoday

යුද්ධය ඉවරකරලත් අපට සැනසිල්ලක් නෑ – සිරගත කළ රණවිරුවෙකුගේ බිරිඳ කදුළු සගවමින් කි හැගීම්බර කතාව

colombotoday

දිවයිනේ සියලු ජලාශ වල ආරක්ෂිත තත්ත්වය ගැන වාර්තාවක් ඉල්ලයි

Admin

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී තනතුරට..!

colombotoday

අතුරුදන් වූවන්ගේ කාර්යාල පනතේ රණවිරුවන් පාවා දෙන මාරක වගන්ති 10 ක් !

colombotoday