Colombo Today Local News

“උතුරේ, දකුණේ රටවල් දෙකක්, නැගෙනහිරට, කදුකරයට ‍ස්වාධීන පාලනයක් ඕනෑ” – විග්නේෂ්වරන් රජයෙන් ඉල්ලයි

vigneshvaran26

ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය දෙකක්‌ පිහිටුවන ලෙස උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් රජයට යෝජනා කර ඇත. උතුරු නැගෙනහිර සඳහා එක්‌ රාජ්‍යයක්‌ හා අනිකුත් පළාත් හත සඳහා තවත් රාජ්‍යයක්‌ ද ස්‌ථාපිත කරන ලෙස ඔහු දන්වා තිබේ.

එසේම මුස්‌ලිම් ජනතාව වෙසෙන නැගෙනහිර ප්‍රදේශ හා උඩරට වතු ජනතාව ජීවත්වන ප්‍රදේශ ස්‌වාධීන ප්‍රදේශ ලෙස නම් කළ යුතු බවද විග්නේශ්වරන් රජයට යෝජනා කර ඇත. මේ යෝජනා විග්නේශ්වරන් විසින් ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන්ට බාරදී තිබේ.

එසේම උතුරු නැගෙනහිර වෙනම රටක්‌ විය යුතු බවද විග්නේශ්වරන් සිය යෝජනාවලියේ සඳහන් කර ඇත. මේ හැර උතුරු නැගෙනහිර සියලුම පරිපාලන ලියවිලි ද්‍රවිඩ භාෂාවෙන් සකස්‌ කළ යුතු බවත් පොලිස්‌ බලතලද ලබාදිය යුතු බවත් එම යෝජනාවලියේ දක්‌වා තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

සූර්ය බල ශක්ති මත විදුලිය ලබා දීමට සෑම පංසලකටම රුපියල් ලක්ෂ තුන බැගින්

colombotoday

පෞද්ගලික බස් රථ වර්ජනයක්

colombotoday

වගාව රැක ගන්න ගිය තිදරු පියාට අත් වූ ඉරනම

Admin

“හිගා කාල අපි ඇප ගන්නේ නෑ“ – ඇප ලබා එළියට ආ විමල්ගෙන් සැර කතාවක් (Video)

colombotoday

නවක වදය දුන් පේරාදෙණියේ 15ක් රිමාන්ඩ් !

colombotoday

විජේදාස නෙරපීම ගැන “ෆුට්නෝට් ඇමතිලා” උදම් අනයි.. ඇමතිකමෙන් නෙරපූ හේතුව හෙළිවෙයි !

colombotoday