Colombo Today Local News

වැට් බද්ද 15% දක්වා ඉහළට.. මැයි 02 සිට ක්‍රියාත්මකයි !

tax 23

මැයි මස දෙවන දින සිට වැට් බද්ද ඉහළ දැමීම ක්‍රියාත්මක කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

සියයට 11ක්ව පවතින වැට් බද්ද සියයට 15 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබුණි.

අදාළ බදු වැඩිවීම අප්‍රේල් මස 01 වන දින සිට ක්‍රියාත්මක වීමට තිබුණ ද එය තාවකාලිකව නතර කිරීමට මුදල් අමාත්‍යාංශය පසුගියදා පියවර ගන්නා ලදී.

කෙසේවෙතත් අදාළ බදු සංශෝධනය මැයි මස 02 වන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම බදු වැඩිවීම සෞඛ්‍ය සහ සන්නිවේදන අංශයන්ට ද ඇතුළත් වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

Related posts

කොරෝනා රට පුරා පැතිරිලා රජය නිවැරදි තොරතුරු හංගනවා- රුවන් විජේවර්ධන

colombotoday

සති අන්තයේ මාර්ග කිහිපයක් වැසෙයි… විකල්ප මාර්ග ගැන පොලීසියෙන් දැනුම්දීමක්

colombotoday

තවත් මැතිවරණ සන්තෝෂමක් ! වාහන සඳහා අය කරන සුඛෝපභෝගී බද්ද ඉවත් කෙරේ !

colombotoday

පවුල් ලක්ෂ 31කට 5,000ක දීමනාවක් යළිත්

colombotoday

කිරිපිටි මිල සඳුදා වැඩි වේ යැයි බලාපොරොත්තු වෙනවා

colombotoday

ලංකාවේ පළමු සුළං විදුලි බලාගාරය ගලවා ඉවත් කරන්න යයි !

colombotoday