Colombo Today Local NewsHot News

අවුරුදු සමයේ ඇමති බදියුදීන්ගෙන් පාරිභෝගිකයන්ට හෙණ ගෙඩියක් !

badurdeen23

2015 නොවැම්බර් මස 24 වනදා අති විශේෂ ගැසට් පත්‍රයට අනුව අතවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය හා භාණ්ඩ මත පනවා තිබූ පාලන මිළ ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

කර්මාණ්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නියෝගයෙන් එම අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පෙරේදා 10 දින ආහාර ද්‍රව්‍ය ආනයනයකරුවන් සහ ප්‍රධාන පෙළේ තොග වෙළද ව්‍යාරිකයන් සමග පැවති විශේෂ සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කර ඇති අතර උත්සව සමය තුළ පාලන මිළ ඉක්මවා අලෙවි කරන ස්ථාන වැටලීම අත්හිටුවීමට කටයුතු කරන බවද ඔවුන්ට දැනුම් දී තිබෙනවා.

අදාළ සාකච්ඡාවට සහභාගී වන ලෙස පාරිභෝගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංගම් දැනුවත් කර නැති අතර ‍අමාත්‍යාංශ ලේකම්වරයා සදහන් කර ඇත්තේ තමන් දැනුවත් කළත් ඔවුන් නොපැමිණි බවයි.

මේ අතර පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් නිලධාරීන් කැදවා ඇති අමාත්‍යාංශ ලේකම්වරයා දන්වා ඇත්තේ උත්සව සමය තුළ වැටලීම් සිදු කිරීම හෝ වෙළදුන් අත්අඩංගුවට ගැනීම නවතා දමන ලෙසයි. පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අසුවුවහොත් අවවාද කර මුදා හැරීම පමණක් ප්‍රමාණවත් යැයිද ලේකම්වරයා දන්වා ඇත.

රජයේ ගැසට් නියෝගයද ඉක්මවා යමින් අමාත්‍යවරයාගේ හිතවත් ව්‍යාපාරිකයන් පිරිසකට අවුරුදු සමයේ හිතූ හිතූ හැටියට පාරිභෝගිකයක් සූරා කෑමට මේ හරහා කූට ලෙස අවසර දී ඇති බවයි පාරිභෝගික සංගම් චෝදනා කරන්නේ.

 

gazatte nov 24

Related posts

මීගොඩදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

දොළ පිදේණි ලෑස්තියි… ෆෙඩරල් ව්‍යවස්ථාවට අත් උස්සන එක් ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙකුට රු මිලියන 400ක්…

colombotoday

“එජාප නොමග ගිය මන්ත්‍රීන්ට නාමයෝජනා ගන්න වෙන්නේ නෙළුම් මාවතේ කපුටෙකුගෙන්”

colombotoday

ඡන්දෙන් පැරදුණු අපතයින්ටත් ඇමතිකම් දුන්නා.. මෛත්‍රී ලත්තැනම ලොප්.. කතාව විතරයි, වැඩ නෑ.. යහපාලනය මාරයි

colombotoday

පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ශ්‍රීයානි විජේවික්‍රම රිය අනතුරකින් තුවාල ලබා රෝහලට

colombotoday

Hand job OK… රන්ජන් – ටීනා ෂනෙල් හඩපට එළියට !

colombotoday