World

තලෙයිබාන් ආක්‍රමණය හමුවේ ඇෆ්ගනිස්තාන වැසියන් රටින් පළා යයි

තලෙයිබාන් ආක්‍රමණය හමුවේ මේවනවිට ඇෆ්ගනිස්තාන වැසියන් රටින් පළා යමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව ඔවුන් දේශ සීමා හරහා මධ්‍යම ආසියානු රටවලට ඇතුළුවෙමින් ඇති බවයි වාර්තා වන්නේ. ඇෆ්ගනිස්තානයේ සිටි සරණාගතයින් 350 දෙනෙකු පමණ ඊයේ වනවිට එලෙස ටජිකිස්තානයට පළා ගොස් තිබේ. එලෙස පළා යාමේදී කුඩා දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත්, ඇෆ්ගනිස්ථානය තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවදානයෙන් සිටින බවයි රුසියාව පවසන්නේ. ඇෆ්ගනිස්ථානයේ අසල්වැසි රටවල් ඉලක්ක කර කිසිසේත් ප්‍රහාර එල්ල නොකරන බව තලෙයිබාන් සංවිධානය අවධාරණය කර ඇති බව ද රුසියාව ප්‍රකාශ කළා.

ඇෆ්ගනිස්තානය තුළ දශක දෙකක පමණ කාලයක් රැඳී සිටි අමෙරිකානු හමුදාවන් මේවනවිට එරටින් ඉවත් වෙමින් සිටි. ඒ හමුවේ ඇෆ්ගනිස්තානයේ ප්‍රාන්තවලින් 3 න් 1 ක් පමණ මේවනවිට පවතින්නේ තලෙයිබාන් සංවිධානය යටතේයි. ඔවුන්ගේ දැඩි නීති පද්ධතිය හා පාලන තන්ත්‍රයට ඇෆ්ගන් වැසියන් දක්වන්නේ දැඩි බියක්. ඉස්ලාමීය අන්තවාදී දඬුවම් ක්‍රමය දැඩිව ක්‍රියාත්මක කරන තලෙයිබානු පාලනය යටතේ ඇෆ්ගන් වැසියන්ට මීට පෙර රූපවාහිනිය නැරඹීම, චිත්‍රපට නැරඹීම, සංගීතය රස විඳීම තහනම් කෙරුණි. එසේම අවුරුදු 10 ට වැඩි ගැහැණු දරුවන්ට අධ්‍යාපනය ලැබීමට අවසර හිමිවුණේ ද නැත.

Related posts

NeoCov නම් මාරාන්තික නව කොවිඩ් වෛරසයක්

colombotoday

වෛද්‍යවරුන්ට අහසින් යන්න ක්‍රමයක් : පරීක්ෂණය සාර්ථක වන ලකුණු

colombotoday

ඇෆ්ගනිස්තානයේ 08 වන පළාත් අගනුවරත් තලෙයිබාන් සංවිධානය ආක්‍රමණය කරයි

colombotoday

උඩින් හතුරු ලෝක බලවතුන් දෙදෙනා අතර ඉන්දුනීසියාවේදී සාකච්ඡාවක්

Admin

පාකිස්තානයේ හිටපු ජනපති මුෂාරෆ්ට මරණ දඬුවම

colombotoday

අමෙරිකාව විදෙස් සංචාරකයින්ට දේශසීමා විවෘත කරයි

colombotoday