Covid 19

වෛද්‍ය සිසුවෙකුටත් ඩෙල්ටා ආසාදනය වෙයි

පිළියන්දල, මිරිස්වත්ත ප්‍රදේශයෙන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයකු හමුවී ඇත.

මෙම පුද්ගලයා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන වෛද්‍ය ශිෂ්‍යයකු බව ප්‍රදේශය භාර පරිපාලන මහජන සෞඛය පරීක්ෂකවරයා සඳහන් කළේය.

පසුගිය 09 වැනිදා සිදුකළ පීසීආර් පරීක්ෂණයකින් ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

ප්‍රතිකාර සඳහා ඔහු කොළඹ අයිඩීඑච් රෝහලට ඇතුළත් කර තිබේ. නිවැසියන්ද නිරෝධායනයට යොමුකර ඇති අතර ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ අද (15)දින සිදු කිරීමට නියමිතය.

ඒ අනුව මේ වනවිට මෙරටින් හඳුනාගෙන ඇති ඩෙල්ටා ප්‍රභේද ආසාදිතයන් සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

IDH රෝහලේ හෙදියකටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

ඊයේ කොවිඩ් මරණ 43ක්

colombotoday

සියලු තර්ක විතර්ක අවසන්. කොරෝනා වැළඳී මියයන සියලු දෙනා ආදාහනය කල යුතුයි. සෞක්‍ය අමාත්‍යාංශය තීන්දු කරයි.

colombotoday

Update: කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 167 දක්වා ඉහළට

colombotoday

අවශ්‍ය නම් කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට හැකි

Admin

මෙරට දිනක් තුළ හඳුනා ගත් වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ වාර්තා වෙයි : මරණ 8ක්

colombotoday