Colombo Today Local News

ගිනි ගත් නෞකාවෙන් පීඩාවට පත් ධීවරයින්ට 5000ක වන්දය අද සිට

මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑමෙන් පීඩාවට පත් ධීවරයින් සඳහා වන්දි ලබාදීම අද(15)දින ආරම්භ වේ.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පැවසුවේ, ධීවර පවුල් 9,883ක් වෙනුවෙන් වන්දි මුදල් ලබාදෙන බවය.

දිස්ත්‍රික්කයේ මීගමුව, වත්තල, ජා-ඇල, කටාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ධීවර පවුල් සඳහා එලෙස රුපියල් 5,000 වන්දි මුදල් හිමිවනු ඇති.

මීගමුවේ පවුල් 6,042ක්, වත්තල පවුල් 1,409ක්, කටානේ පවුල් 233ක් සහ ජා-ඇල පවුල් 69ක් අදාළ වන්දි මුදල් ලබ ගැනීමට නියමිතව තිබේ.

ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ, වන්දි මුදල් ගෙවීම සඳහා රුපියල් මිලියන 50ක මුදලක් තමන් වෙත ලැබී ඇති බවයි.

එම මුදල් ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් දිස්ත්‍රික් ධීවර නිලධාරීන් සමග ඒකාබද්ධව නෞකාවේ බලපෑමෙන් සෘජුව සහ වක්‍රව බලපෑමට ලක් වූ ධීවරයින් වෙත ලබාදීමට නියමිතය.

Related posts

රන්ජන් රාමනයක දිගටම මන්ත්‍රීවරයෙක් ? Video

colombotoday

සුදේව හෙට්ටිආරච්චි අත්අඩංගුවට

Admin

නාමල් කුමාර අත්අඩංගුවට !

colombotoday

සර්වපාක්ෂික හෝ ජාතික ආණ්ඩුවේ නාමල්ට ඇමැති ධුරයක් දෙනවාට ‘බ්ලැක් කැප්’ විරෝධය

colombotoday

කොවිඩ් එන්නත ලබාගත් තිදෙනෙක් රුධිරය කැටිගැසී මිය ගිහින්

colombotoday

“යුද අපරාධ කළ බව තහවුරු වුවහොත් ඒ නිලධාරින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා“ – යුදහමුදාපති

colombotoday