Colombo Today Local News

පැනමා රහස් ලේඛණවලින් ලංකාවේ මෙගා ඩීල් එළියට !

panama paper23

ලෝකය පුරා විවිධ පුද්ගලයින් විසින් සඟවා ඇති අයථා වත්කම් හෙලි කර ඇති පැනමා පත‍්‍ර මඟින් මෙරට විවිධ ක්‍ෂෙත‍්‍රයන් නියොජනය කරන පුද්ගලයින්ගේ නම් හෙළි දරවු කර ඇත.

මෙම නාම ලේකනයේ සිටින අවසාන පුද්ගලයා වන විද්‍යා දිල්රුක් අමරපාල ලංකා විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙක් වන අතර වසර 20කට වැඩි කාලයක් තිස්සේ ඇමති චම්පික රණවකගේ සමීප මිතුරෙකි. ධර්මපාල විදුහලේ ආදිසිසුවෙකු වන මෙම පුද්ගලයා 1997 දී පිහිටුවන ලද ත‍්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරයේද ආරම්භක සාමාජිකයෙකි. එකල්හිද චම්පික රණවක මහතාට යාන වාහන සැපයීම ඇතුළු මුල්‍යම උපකාර අමරපාල මහතා විසින් කරන ලදී.

පසුගිය රජය සමයේ විදුලි බල ඇමතිවරයා ලෙස චම්පික රණවක පත් කලක පසු ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කරන ලද්දේද විද්‍යා අමරපාලයි. ලංවිම විදුලි ඉංජිනේරුවන් විවිධ අවස්ථාවන්හිදි සභාපතිවරයාට එරෙහිව විරෝධතා දැක්වුවද සභාපතිවරයාට කිසිදු ගැටළුවක් සිදු වූයේ නැත.

එකල ආරම්භ කරන ලද නොරොච්චෝලේ විදුලි බලාගාරය ඉදි කිරීමට පැමිණි චීන සමාගමෙන් ඩොලර් මිලියන දෙකක මුදල් ජාතික හෙළ උරුමයේ පක්‍ෂ අරමුදල සඳහා ඉල්ලා තිබූ බවද එම පක්‍ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කලේය.

ජාතික හෙළ උරුමයේ ඉහල සාමාජිකයන් අතර එකල්හි පැවති මතයක් වූයේ ඇමති චම්පික රණවකගේ මුදල් ඇත්තේ විදයා අමරපාල ලඟ බවයි.

උපුටා ගැනීම – ෆේස්බුක්

Related posts

මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන කියන්න දුරකථන අංක කිහිපයක්

Admin

රුපියල් කෝටි 20ක වංචාවක් : ලක් පොහොර හිටපු සභාපති අත්අඩංගුවට

colombotoday

රටම බලාසිටි ඓතිහාසික තීන්දුව අද හවස 4ට

colombotoday

“යහපාලනය උදාවී තිබෙන මේ මොහොතේ ඕනෑම අයෙකුට තමන්ගේ භාෂාවෙන් ජාතික ගීය ගැයීමේ නිදහස තිබෙනවා“ – ඇමති වජිර

colombotoday

මන්ත්‍රී පවුල්වලට පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් කෑම

colombotoday

අඩු ආදායම් ලාභීන්ට නිවාස සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට

Admin