Colombo Today Local News

ගුරු – වෘත්ති සංගම් ඉල්ලීම ඉවත දා මෙවර උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග අයදුම්පත් භාරගැනීම අදින් අවසන් කරයි

මෙවර උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග සඳහා අයදුම්පත් භාර ගැනීමට දී තිබූ කාලය අදින් අවසන් වේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ නොකරන බවයි.

උසස් පෙල විභාග අයදුම්පත්වලින් 92% ක් මේ වනවිට විභාග දෙපාර්තමේන්තුවට ලැබී ඇති බව ද ඔහු පැවසී ය.

කෙසේ වෙතත් ගුරු – වෘත්ති සංගම් පවසන්නේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් වන තෙක් විභාග අයදුම්පත්‍ර යොමු කිරීම සම්බන්ධයෙන් කටයුතු නොකරන බවයි.

එබැවින් උසස් පෙළ හා ශීෂ්‍යත්ව විභාග අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කරන ලෙස ඔවුන් ඉල්ලීමක් කරයි.

මේ අතර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා චක්‍රලේඛයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ යම් ශිෂ්‍යයෙකුට විභාගයට පෙනි සීටීමට නොහැකි වුවහොත් එහි වගකීම ඒ ඒ විදුහල්පතිවරුන් භාරගත යුතු බවයි.

සිසුන් ගැන සිතා උසස් පෙළ සහා ශිෂ්‍යත්ව විභාගවල අයදුම්පත් නිසි ලෙස විභාග දෙපාර්තමේන්තුවට යවන්නැයි ද අධ්‍යාපන ලේකම්වරයා විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටී.

Related posts

ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 4ක් දිවයිනට

colombotoday

ලබන සඳුදා දුම්රිය ධාවනයේ වෙනසක්

colombotoday

බස්නාහිර පළාතට ඇතුල්වීම, පිටවීම තහනම්

colombotoday

“ක්‍රිකට් තහනම ඉවත් කරන්න පාර්ලිමේන්තුවම එක් විය යුතුයි”

Admin

“සුද්දගෙ නීතිය අපට එපා“ කියා ඥාණසාර හිමි අධිකරණයේදී අභියෝග කළා“ – මහේස්ත්‍රාත් සාක්කි දෙයි

colombotoday

සයිටම් හොර උපාධි කඩයක් කිවුවේ උපාධි හොරෙක්

Admin