දිවයින පුරා පිටකොටුව තොග වෙළඳපොලෙන් අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ මිලදී ගැනීමට හෙට (16)දින සිට අවසර ලැබෙන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා අද පෙරවරුවේ පිටකොටුව තොග වෙළඳසැල් නිරීක්ෂණයකට එක්වෙමින් මේ බව පැවසීය.
තම තමන්ට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් අවසරපත්‍ර ලබාගෙන තොග මිලදී ගැනීම් සදහා පිටකොටුව තොග වෙළඳ මධ්‍යස්ථානය වෙත පැමිණිය හැකි බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සදහන් කරයි.