Colombo Today Local News

කින්නියා ප්‍රදේශවල නිවෙස් තුළ මියයන කොරෝනා ආසදිතයින්ගේ සිරුරු රහසිගතව භූමිදානය කරන බවට තොරතුරු

කින්නියා පොලිස් වසමට අයත් ඈත දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල කොවිඩ් -19 ආසාදනය වි නිවෙස් තුළ මියයන අයගේ සිරුරු රහසිගතව භූමිදානය කරන බවට තොරතුරු ලැබි ඇතැයි ත්‍රිකුණාමල ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩි.ජි.එම්.කොස්තා මහතා පවසයි.

මෙම ග්‍රාම නිලධාරි වසම්වලට අයත් ඈත දුෂ්කර ගම්මානවල පවතින තත්වය නරක අතට හැරි ඇති බැවින් එම ප්‍රදේශවලට වැඩි අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය අංශවලට උපදෙස් ලබාදුන් බව කී අධ්‍යක්ෂවරයා නිවෙස් තුළ මියයන්නන් රහසිගතව වල දැමීම සම්බන්ධයෙන් ඇති තොරතුරුවල සත්‍යා අසත්‍යතාවය තවදුරටත් සොයමින් සිටින බව කියයි.

මේ නිසා රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන කින්නියා පොලිස් බල ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කිරිමට තිරණය කල බව අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය.

මේ අනුව කින්නියා පොලිස් වසමට අයත් කින්නියා,පෙරිය කින්නියා, කුට්ට්කරච්චි, එරිදාර් නගර්,පෙරියාතු මුනෙයි ,මාලින්තුරෙයි,රහුමානියා නගර්, සින්න කින්නියා, මාංචෝලෙ, කට්ටියාරු, කුරුංඤ්ඤකේණි, මුණච්චේනෙයි, යන ග්‍රාම නිලධාරි වසම් මෙලෙස වහාම ක්‍රියාත්මක වනපරිදි ඊයේ (14)දින පෙරවරුවේ සිට හුදෙකලා කළ බව අධ්‍යක්ෂරවයා පෙන්වා දුන්නේය.

-ලංකාදීප-

Related posts

සෝභිත හිමියන්ගේ ජාතික ශාසනික සේවාව ශ්‍රෙෂ්ඨයි, මානුෂීය මෙහෙවරේදී දුන් සහය අතිමහත්!

colombotoday

ඩයනා ගමගේට ඇත්තේ බ්‍රිතාන්‍ය පාස්පෝර්ට් එකක් | ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කියයි.

colombotoday

බොරැල්ලේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කෙරේ

colombotoday

ඡන්දයක් වෙනුවෙන් විරුද්ධ පක්ෂයේ සියළුම කණ්ඩායම් සමඟ එක්ව සටන් කරනවා

Admin

ඩිෆෙන්ඩර් නඩුවට ගිය හිරුණිකාට ඇප.. විමල්ගේ අයියා යළි රිමාන්ඩ්

colombotoday

සුදු වෑන් නැතිව පාතාලය මර්ධනය කරනවා – පොලිස්පති

colombotoday