බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන් තමන් රදවා සිටින සිරකුටියට විදුලි පංකාවක් ලබා දෙන ලෙස ඉල්ලා මැගසින් බන්ධනාගාරයේ ප්‍රධානීන්ට ලිපියක් යොමු කර ඇත.
තමාව රදවා ඇති සිර කුටිය අධික රස්සනයෙන් යුතු නිසා සෞඛ්‍ය හේතූන් මත විදුලි පංකාවක් ලබා දීමට කටයුතු කරන ලෙස ඔහු එම ලිපියෙන් ඉල්ලා තිබේ.
මැගසින් බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවන්සදහා වෙන් කෙරුණු වාට්ටුවක පිහිටි වෙන්වූ සර කුටියක මේ වන විට බදියුදීන් රදවා සිටී.
බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරන්නේ බදියුදීන්ට සෞඛ්‍ය හේතූන් මත විදුලි පංකාවක් ලබා දෙන ලෙසින් මේ දක්වා බන්ධනාගාර වෛවරුන් කිසිදු නිර්දේශයක් කර නොමැති බවකි.